Cricket NewsEXCLUSIVEInternational

“මම අද රාත්‍රිය එළඹෙන තුරු නොඉවසිල්ලෙන් පසුවෙමි” – Glenn Maxwell ශ්‍රී ලංකාව සමග තරඟය පිළිබඳ අදහස් දක්වමින්.!

Cricket Australia: Glenn Maxwell to take break from cricket, Sri Lanka T20 series

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් අද සවස පැවැත්වෙන ප්‍රථම තරඟයෙන් දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත.

මෙම තරඟ 5න් තරග 4ක් රාත්‍රී තරඟ ලෙසටත් පස්වන සහ තරගාවලියේ අවසන් විස්සයි-20 තරඟය දිවා තරඟයක් ලෙසටත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ඔස්ට්‍රේලියානු තරග සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් වී ඇත්තේ මෙම වසරේ පැවැත්වෙන 2022 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පැවැත්වීම හේතුවෙනුත් එම ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සිදු කරන එකම තරග සංචාරය මෙම තරගාවලිය වීමත් හේතුවෙනි.

එමෙන්ම මේ වන විට විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙස කිරුළු පැළද සිටින්නේද ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ද පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ දැක් වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් මෙම තරඟාවලිය දැඩි තරඟකාරි මුහුණුවරක් ගැනීමට වැඩි ඉඩකඉක් තිබෙන බව ප්‍රවීණ විචාරකයන් පෙන්වා දෙනවා.

මේ අතර අද තරඟය පිළිබඳව විශේෂ Twitter සටහනක් තම නිළ Twitter ගිණුමේ තබමින් ඕස්ට්‍රේලියානු ප්‍රවේගකාරි පිතිකරු Glenn Maxwell ප්‍රකාශ කර සිටින්නේ “අද රාත්‍රිය වන තුරු තමන්ට ඉවසිල්ලක් නැති” බවයි.

එම විශේෂ Twitter සටහන පහතින්

No description available.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button