Cricket NewsEXCLUSIVEIPL

“අපිට අවශ්‍ය වී තිබුණා විශිෂ්ඨ දඟපන්දු යවන්නෙක් හා හොඳින් පිතිකරණයේ යෙදිය හැකි ක්‍රීඩකයෙක්” – වනිඳු හසරංග මිලදී ගැනීම පිළිබඳව අදහස් දැක්වූ RCB පුහුණුකරු

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා පවත්වනු ලබන ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනය වූයේ ඊයේ දිනයයි.මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී කැපී පෙනෙන ලංසු තැබීම් කිහිපයක්ම ඊයේ දිනය පුරාවට දක්නට ලැබුණා.

මූල්‍යමය අගය වැඩිම ලංසු තැබීම් කිහිපයක කණ්ඩායම් කිහිපයක්ම තරඟකාරී වන පසුබිමක්ද නිර්මාණය වූ ඊයේ දිනයේ වැඩිම මුදලකට වෙන්දේසි වූ තුන්ඉරියව් ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග පත් විය.

මෙවරද ඔහුව රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 10.75 ක් වැය කරමිනි.ආසන්න වශයෙන් ගත්කල එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 29 කට ආසන්න අගයක් වේ.

වනිඳුට මෙවර සන්රයිසස්,පංජාබ් කිංග්ස් හා බැංග්ලෝර් කණ්ඩායම් වලින් ලංසු තැබීම සිදු කල නමුත් අවසානයේදී ඔහු යලිත් වරක් බැංග්ලෝර් පිලට එක් කරගත්තේය.

වනිඳු හසරංග තමන්ගේ කණ්ඩායමට මිලදී ගැනීම පිළිබඳව මාධ්‍යට සඳහන් කරමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පුහුණු කරු වන සංජේ බංගාර් කියා සිටියේ ” අපිට අවශ්‍ය වී තිබුණා විශිෂ්ඨ ගුණාත්මක බවකින් යුතු දඟපන්දු යවන්නෙක් හා නොම්මර 7 වැනි ස්ථානයක පිතිකරණයක යෙදිය හැකි ක්‍රීඩකයෙක්. ඔහු ඕනෑම ස්ථානකට යෙදවිය හැකි අගනා පන්දු රකින්නෙක් ” යනුවෙනි.

පසුගිය වර ඉන්දීය ප්‍රිමියර් ලීගය අවසානයේදීද බැංගලෝර් කණ්ඩායම වනිඳු හසරංග පිලිබඳ අපේක්ෂාවෙන් සිටින බව නිල ෆේස්බුක් මෙන්ම ට්විටර් ගිණුම් යොදාගනිමින්ද ඔවුන් සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button