Cricket NewsEXCLUSIVEIPL

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටත් IPL දොරටු විවර වේ – ලක්ශ 150ක මුදලකට KKR විසින් චාමිකව මිලදී ගනී.!

මෙවර නව මුහුණුවරක් ගනිමින් කණ්ඩායම් 10 ක සහබාගීත්වයෙන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන වෙන්දේසි දිනය අදයි.

මීට සුලු මොහොතකට පෙර IPL 2022 ක්‍රිඩක වෙන්දේසියේදි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

ඒ මෙවර IPL 2022 ක්‍රිඩක වෙන්දේසියේදි අලෙවි වූ සිව් වන ශ්‍රී ලාංකික ක්‍රිඩකයා බවට පත් වෙමිනි.

ඉන්දීය මුදලින් ලක්ශ 50කට (ශ්‍රී ලංකා මුදලින් ලක්ශ 150කට පමණ) චාමිකව කොල්කට⁣ෙ කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

ඒ අනුව මේ වන විට,

වනිදු හසරංග – රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්

දුෂ්මන්ත චමීර – ලක්නව් සුපර් ජයන්ට්ස්

මහීෂ් තීක්ශන – චෙන්නායි සුපර් කිංග්ස්

චාමික කරුණාරත්න – කොල්කටා නයිට් රයිඩර්ස්

ලෙස IPL හි වෙන්දේසි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button