Cricket NewsEXCLUSIVE

ICC පිතිකරණ ශ්‍රෙණිගත කිරීම්හි පැතුම් නිස්සංක වේගයෙන් ඉදිරියට පැමිණෙයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද දිනයේ දී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කරනු ලැබුවා.

එම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව තම ක්‍රිකට් ශ්‍රෙණිගත කිරීම් වලට අනුව විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 21 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබෙනවා.

ඔහුට එහිදි හිමිවී තිබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 559ක්.

විස්සයි-20 ආකෘතියේ පිතිකරණ ශ්‍රෙණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේද පැතුම් නිස්සංකයි.

ඔහුට අමතරව පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 44 වන ස්ථානයේ කුසල් ජනිත් පෙරේරා රැඳී සිටින අතර 45 වන ස්ථානයේ චරිත් අසලංක රැඳී සිටිනවා.

දසුන් ශානක එහි 86 වන ස්ථානයේ රැඳී සිටිනවා.

පසුගිය ලෝක කුසලාන තරගාවලිය සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු ලෙස පැතුම් නිස්සංක කටයුතු කරන අතර එදා සිට මේ දක්වාම පැතුම් නිස්සංක ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල මෙහෙයක් ඉටු කරනු ලබනවා.

මේ වන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි-20 තරගාවලියේද ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වී සිටින්නේ පැතුම් නිස්සංකයි.

ඉතා කුඩා තැනක සිට පැමිණ ක්‍රිකට් ලෝකයම දිග්විජය කිරීමට සැරසෙන පැතුම් නිස්සංකට තව තවත් ඉදිරියට යාමට SixCricket අපෙන් සුභපැතුම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button