Cricket NewsEXCLUSIVEInternational
ශ්‍රි ලංකාවේ අංක එකෙ විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිදු හසරංගට ඉන්දියාව සමග විස්සයි විස්ස තරඟාවලිය අහිමි වේ.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සහ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය අහිමි වනු ඇති බව වාර්තා වේ.
වනිදු හසරංග තවමත් COVID-19 වලින් සුවය ලබා නොමැති බවත් නවතම PCR පරීක්ෂණයේදී එය positive වී ඇති බවත් NewsWire වෙබ් අඩවිය සදහන් කරනවා.
හසරංග මීට පෙර ඕස්ට්‍රේලියාවේදී කොරෝනා ආසාධනය වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් තරග තුනෙන් ඉවත් විය. COVID-19 සුවය ලැබුවද ඔහු තවමත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටියි.
කෙසේ වෙතත්, ඔහුගේ දින 7 ක අනිවාර්ය නිරෝධායන කාලය අවසන් වුවද ඔහුට තවමත් කොවිඩ් positive තත්වයේ තිබෙන බැවින් ඔහුට රට හැර යාමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නෙ.
ඒ අනුව ඔහුට හෙට ආරම්භ වන ඉන්දීය තරගාවලියට සහභාගි වීමට නොහැකි වනු ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1