Cricket NewsInternational

ඉන්දීය සුපිරි පිතිකරු සුර්‍ය් කුමාර් යාදව් ශ්‍රි ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

IND vs SL: Suryakumar Yadav And Deepak Chahar Ruled Out Of The T20I Series- Reports

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි20 ජාත්‍යන්තර තරඟාවලියෙන් සූර්යකුමාර් යාදව් ඉවත් වී තිබෙනවා.

ඔහු ඊයේ ලක්නව් හි පැවති ඉන්දීය පුහුණු සැසියට සහභාවි ඇති අතර 31 හැවිරිදි පිතිකරුගේ අතේ ඇතිවු ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන T20i තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පෙබරවාරි 20 වනදා ඊඩ්න් ගාර්ඩ්න් හිදී පැවති තුන්වන T20I තරඟයේදී ඔහු පන්දු රකිමින් සිටියදී මෙම ආබාධයට ලක්ව ඇති බව වාර්තා වනවා.

Couldn't train the day I wasn't selected for Australia: Suryakumar Yadav | Cricket - Hindustan Times

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබූ සූර්යකුමාර් ශ්‍රී ලංකා T20i තරගාවලියෙන් ඉවත්වූ දෙවැනි ඉන්දීය ක්‍රීඩකයායි. සූර්යකුමාර් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරග තුනකදි ලකුණු 104 ක් ලබා ගත් අතර ඔහුගෙ සාමාන්‍ය ලකුනු 52 ක් වූවා.

දීපක් චාහර් ද කොල්කටාහි දී මස්පිඬු ආබාධයකට ලක්වීමෙන් පසු ලක්නව් සහ ධර්මසාලා හි ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලියෙන් ඉවත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button