Cricket NewsEXCLUSIVE

වසර 7කට පසුව පැතුම් නිස්සංක ශ්‍රී ලංකා පිතිකරුවකු ලෙස ICC ශ්‍රේණිගත කිරීම්හි මුල් 15 දෙනා අතරට පැමිණෙයි.!

පසුගියදා අවසන් වූ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වුණා.

තරඟාවලිය පුරාවට විශිෂ්ට දස්කම් දැක්වූ පැතුම් නිස්සංක ස්ට්‍රේලියාවට එරෙහිව විදෙස් රටක ආරම්භක පිතිකරු විසින් එක් තරගාවලියකදී රැස් කරන ලද ඉහළම ලකුණු ලාභියා බවට පත්වීමටද සමත් වුණා.

කලක පටන් ඉක්මනින් බිඳවැටෙන මුල්පෙළ ස්ථාවර කිරීමට සමත් වූ පැතුම් නිස්සංක පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ දිනයේ යාවත්කාලීන කරන ලද නවතම පන්දුවාර විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 15 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව දැක්වූ දස්කම් හේතුවෙන් මෙසේ ඉදිරියට පැමිණීමට පැතුම් නිශ්ශංක ට හැකියාව ලැබී තිබෙන අතර විශේෂත්වය වන්නේ මෙලෙස මුල් 15ස් දෙනා අතරට ශ්‍රී ලංකා පිතිකරුවෙකු පැමිණියේය 2015 වසරට පසුවීමයි.

එනම් වසර 7ට පසුව පැතුම් නිශ්ශංක ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ මුල් පහළොස් දෙනා අතරට පැමිණීමට සමත් වුණා.

මීට පෙර එම දස්කම අවසන් වරට දැක්වීමට සමත් ව තිබුණේ තිලකරත්න ඩිල්ෂාන් විසිනුයි. විශේෂත්වය වන්නේ තිලකරත්න ඩිල්ෂාන් සහ පැතුම් නිශ්ශංක දෙදෙනාම එකම පාසලක එකම පුහුණුකරුවෙකු යටතේ පුහුණු වී මෙම කඩයිම ජය ගැනීමට සමත් වීමයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button