Cricket NewsEXCLUSIVE

විදෙස් පුහුණු කරුවන් සොයා ඇදෙන ක්‍රිකට් බලධාරීන්ට මගහැරී ගිය දේශීය පිටියේ විශිෂ්ඨතම පුහුණු කරුවා – තිලිණ කණ්ඩම්බි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් තවමත් මිකී ආතර්ගේ අනුප්‍රාප්තිකයා සොයා බොහෝ විදෙස් පුහුණු කරුවන් සොයා ඇදෙන පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුරා මාස තුනකට ආසන්න කාලයක් වැඩ බලන පුහුණු කරුවන් යටතේ තරඟාවලි තුනක් ක්‍රීඩා කර තිබුණි.

එහි තුන්වැනි තරඟාවලියද මේ දිනවල ඉන්දියාව සමඟින් මේ දිනවල පැවැත්වෙන අතර එකී කාල සීමාව තුල ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ ක්‍රීඩා කල තරඟ 11 න් ජයගෙන ඇත්තේ තරඟ 3 ක් පමණි.

ඉන් තරඟ දෙකක්ම ජයගෙන ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.

බැරෑරුම් තත්වය මින් ඔබ්බට යාමට නොදී දේශීය පිටියේ දැනට අප සතුව තිබෙන හොඳම තුරුම්පුව ඇදීම හොඳයැයි කීමට තරම් ඔහු තමන් ලද අවස්ථාවෙන් විශිෂ්ඨ ජයග්‍රහණයන් කරා තමන් සමඟින් කටයුතු කල කණ්ඩායම් රැගෙන ගියේය.

අවිවාධයෙන්ම දේශීය පිටියෙන් සොයාගත හැකි හොඳම විකල්පය හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක තිලිණ කණ්ඩම්බිය.අවසන් වසර 2ක තුල ඔහු ප්‍රධාන පුහුණු කාරීත්වය දැරූ කණ්ඩායම් 4 ක්ම ලංකාවේ ප්‍රමුඛ පෙලේ දේශීය තරඟාවලියන් මෙන්ම ලංකා ප්‍රිමියර් ලීගයේද ශූරයන් වන්නට හැකි විය.

විශාල ජයග්‍රහණයන් රැසකට මෙන්ම පළමු පෙල පිටියේ නිමාව දිටු තරඟාවලි කිහිපයක ශූරයන් වන්නට තිළිණ කණ්ඩම්බි ප්‍රමුඛ SSC කණ්ඩායමට හැකි වූයේ ජාතික කණ්ඩායමට ප්‍රභල ක්‍රිකට් තරු රැසක් ද දායාද කරමිනි.

පසුගියදා නිමාව දුටු නැශනල් සුපර් ලීග් සීමිත පන්දුවාර තරඟාවලියේ ශූරයින් වූ යාපනය කණ්ඩායමේද පුහුණු කාරීත්වය දැරුවේ කණ්ඩම්බිය.

කණ්ඩබිගේ පුහුණු කාරීත්වය ලැබූ තරඟාවලි දෙකෙහිදීම ජැෆ්නා කිංගස් පිල ශූරයින් වූයේ ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත් වෙමිනි.

කණ්ඩම්බි යටතේ අනෙකුත් පුහුණු කරුවන්ට සාපේක්ෂව කණ්ඩායම් දස්කම් දැක්වීම හා ක්‍රීඩකයින් කලමණාකරනය වීම වඩාත් වැඩි වශයෙන් දක්නට ලැබුණි.

විදේශීය පුහුණු කරුවන් අපේක්ෂාවෙන් වැඩි තරඟාවලි ගණනාවක් වැඩ බලන පුහුණුකරුවන් යටතේ ක්‍රීඩා කිරීමට සිදු වීම විටෙක දීර්ඝ තරඟාවලීන් පරාජය වීමට හේතුවක් බවට පත් වීමටද එතරම් කාලයක් ගත නොවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button