Cricket NewsEXCLUSIVEInternational

ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර තරඟයක් සඳහා ටික් ටොක් අනුග්‍රාහකත්වය දක්වයි !

TikTok Named Title Sponsor of Pakistan-Australia Test Series - INCPak

ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් තරඟාවලියක් සඳහා ජාත්‍යන්තට මට්ටමෙන් අනුග්‍රහය ලබා දෙන්නට සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලාවක් වන ටික් ටොක් ආයතනය කටයුතු කර තිබුණි.

මේ බව පකිස්තාන ක්‍රිකට් ආයතනය අද බිවේදනය කරමින් පැවසුවේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා (title sponsor) ලෙස TikTok සමාගම කටයුතු කරන බවය.

මේ වන විට ලොව ප්‍රධානතම ක්‍රිකට් කණ්ඩායම් රැසක් නිල සමාජ මාධ්‍ය ගිණුම් භාවිතයට ගන්නා අතර පකිස්තානු ක්‍රිකට් ආයතනය සඳහන් කලේ ඔවුන් ඉදිරි දින කිහිපය තුලදී නිල ටික් ටොක් ගිණුමක්ද විවෘත කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවය.

දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය මාර්තු 4 වැනිදා ආරම්භ වන අතර,සීමිත පන්දුවාර තරග 4 මාර්තු 29 වනදා සිට අප්‍රේල් 5 වනදා දක්වා රාවල්පින්ඩිහී දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button