Cricket NewsEXCLUSIVE

වසර 24 ක් පැරණි මාක් ටේලර්ට පමණක් උරුම වූ වාර්ථාව දිමුත් තමන්ගේ නම ඉදිරියෙහි ලියා ගනී.!

වසර ගණනාවක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරාවට නම් දැරූ පිතිකරුවන් රාශියකට ඉන්දීය තණතීරු තුල පිහිටුවීමට අපහසුතම වාර්ථාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත් විය.

ඒ හිටපු ඔස්‍ට්‍රේලියානු ආරම්භක පිතිකරු මාක් ටේලර් අභිබවා යමිනි.

1998 වසරේදී ඉන්දියාවට එරෙහිව සිව්වන ඉනිමේදී ඉන්දියාවේදී ශතකයක් රැස් කල පළමු ආරම්භක පිතිකරුවා බවට මාක් ටේලර් පත් විය.ඒ නොදැවී ලකුණු 102 ක් රැස් කරමිනි.

ඊයේ දිනයේදී දිමුත් කරුණාරත්න අභිබවා ගියේ මාක් ටේලර් විසින් පිහිටවූ එම වාර්ථාවය.

ඉන්දියාවට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී ( තරඟයේ සිව්වැනි ඉනිම ) ලකුණු 107 ක් රැස් කරන්නට දිමුත් සමත් විය.

ඉන්දියාව තුලදී සිව්වැනි ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් විදෙස් ආරම්භක පිතිකරුවාගේ වාර්ථාව දැන් දිමුත් තමන්ගේ නම ඉදිරියෙහි ලියාගෙන හමාරය.

(මාක් ටේලර්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button