Cricket NewsEXCLUSIVEInternational

“තමන්ට එරෙහිව නැගෙන විවේචනවලට පිත්තෙන් පිළිතුරු දුන් අපූරු රණකාමියා” – කවාජා තමන් උපන් බිමට එරෙහිව තවත් ශතකයකින් ඔස්ට්‍රේලියානු ඉනිම සවිමත් කරයි.!

කලක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තුල කැපී පෙනෙනතම ක්‍රීඩකයෙකු වූ උස්මාන් කවාජා හට 2019 අලු බඳුන තරඟාවලියේ අසාර්ථක වීමත් සමඟින් ජාතික කණ්ඩායමෙන් වසර 2 ක් ඉවත්ව සිටින්නට සිදු විය.

නිමාව දුටු 2021 අළුබඳුන තරඟාවලියේදී මානස් ලැබුශ්වේන් වෙනුවට යලිත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පිවිසින්නේ විශාල වාග් ප්‍රහාර මධ්‍යයේය.

කෙසේ නමුත් තමන්ට එල්ලවන සියලුම වාග් ප්‍රහාර වලට පිත්තෙන් පිළිතුරු දීම ඇරඹූ ඔහු තරඟය නිමා කරන්නේ ඉනිම් දෙකෙහි දීම ශතක ද්විත්වයක් තම නම ඉදිරියෙහි ලියාගනිමිනි.

ඉන් අනතුරුව ඔහුගේ අවසන් ඉනිම් 6 තුල දී ලකුණු 479 ක් රැස් කල අතර ශතක 3 ක් හා එක් අර්ධ ශතක‍යක් ද ඇතුලත්‍ ය.

ආසියාතික තණතීරු තුල සාර්ථක වීමට මැලි කමක් දක්වන SENA පිතිකරුවන්ට සාපේක්ෂව කවාජාගේ ආධිපත්‍ය රාවල්පින්ඩි හීදීත් කරච්චි හිදීත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ගෞවරය ආරක්ෂා කලේය.

රාවල්පින්ඩි හිදී නිමාව දුටු පළමු ටෙස්ට් තරඟය ජයපරාජයෙන් තොරව අවසන් වෙද්දී කවාජාගේ නම ඉදිරියෙහි ලකුණු 97 ක් ලියැවී තිබුණි.තමන් උපන් දේශයේදී කරච්චි හිදී පකිස්තානු පන්දු යවන්නන් හට විශාල හිසරදයක් වූ කවාජා නොදැවී ලකුණු 127 ක් රැස් කරන්නට සමත් විය.

සාම්ප්‍රදායික පකිස්තානු තණතිලි වලට සාපේක්ෂ්ව මේ තරඟාවලියෙදී ක්‍රීඩකයින්හට ලැබුණු තණතීරු තරමක් පැතලි තණතීරු වූ නමුත් කවාජාගේ ටෙස්ට්‍ රිද්මය SENA රටවල් තුලදී මෙන්ම ආසියාකරයේද හිස ඔසවන්නට තරම් ප්‍රභල සාධකයක්බවට දැනටමත් පත්ව හමාරය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button