Cricket NewsEXCLUSIVEIPL
වසර 8කට පසුව IPL නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් සිම්බාබ්වේ ක්‍රීඩකයා – Blessing Muzarabani

නිමාව දුටු එංගලන්ත කොදෙව් තරඟාවලිය අතරතුර සිය වැලමිට ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් හට එලඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අහිමි වනු ඇත.
ඒ හේතුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නාගේ වගකීම දුශ්මන්ත චමීරට හිමි වූ අතර එමෙන්ම තවත් විදෙස් වේගපන්දු යවන්නෙකු ආදේශ කරන්නට සිදු වූයේ මාක් වුඩ්ගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි.
ඒ අනුව අවසර 8 කට පමණ පසු සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්වූයේ ඒ හේතුවෙනි.
දකුණත් වේගපන්දු යවන්නෙකු වන බ්ලෙසිං මසර්බානි එලෙස ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබේ.
මේ බව ලක්නව් සුපර් ජයනට්ස් කණ්ඩායම තම නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සඳහන් කර තිබුණි.

