Cricket NewsEXCLUSIVEWoman Cricket

Sneh Rana ඇතුළු ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බංගලාදේශ කාන්තා කණ්ඩායමට ලකුණු 110ක දැවැන්ත පරාජයක්.!

කාන්තා ලෝක කුසලාන පන්දුවාර 50 තරගාවලිය මේ වන විට නවසීලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

තරගාවලියේ අද (22 ) පැවැති 22 වැනි තරගයේදී පන්දු යවන්නියන්ගේ දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 110 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ඉන්දිය කාන්තා කණ්ඩායම සමත්වුනා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 229 ක් පමණි.

Yastika Bhatia පන්දු 80 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් සහ Shafali Verma පන්දු 42 කදි හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 42 ක් ලබාගනිමින් ඉන්දීය කාන්තා පිල ලකුණු 200 සීමාවෙන් ඉදිරියට රැගෙන යාමට සමත් වුනා.

Smriti Mandhana ලකුණු 30 ක්, Pooja Vastrakar නොදැවී ලකුණු 30 ක්, Sneh Rana ලකුණු 27 ක් සහ Richa Ghosh ලකුණු 26 ක් ලබාගැනීමට සමත්වූහ.

පන්දු යැවීමේදී Ritu Moni කඩුලු 3 ක් සහ Nahida Akter කඩුලු 2 ක් දවාගැනීමට සමත් වුනා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට පන්දුවාර 40.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 119 ක් පමණි.

Salma Khatun ලකුණු 32 ක් සහ Lata Mondal ලකුණු 24 ක් ලබාගත්තද සෙසු පිතිකාරිණියන්ගේ දුර්වල පිතිහරඹයන් හේතුවෙන් බංග්ලාදේශ කාන්තා පිලට දැවැන්ත පරාජයක් හිමි වුනා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ Sneh Rana ලකුණු 30 කට කඩුලු 4 ක් ද, Jhulan Goswami සහ Pooja Vastrakar කඩුලු 2 බැගින්ද දවාගනිමින් ඉන්දීය කාන්තා කණ්ඩායමට දැවැන්ත ජයක් හිමිකර දීමට සමත්වූහ.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ඉන්දීය කාන්තා කණ්ඩායමේ Yastika Bhatia දිනා ගත්තාය.

තරඟයේ කෙටි ලකුණු පුවරුව

ඉන්දියාව – 229/7 (50)

බංග්ලාදේශය – 119/10 (40.3)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7