Cricket NewsEXCLUSIVEIPL

“පන්දුවෙන් මෙන්ම පිත්තෙනුත් වනිඳු තරුවක්” – RCB කණ්ඩායම වනිඳු හසරංග ගැන තැබු විශේෂ සටහන.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ සතියකට ආසන්න කාලයකි.

මෙවර තරඟාවලිය නැවුම් මුහුණුවරක් ගෙන තිබෙන අතර කණ්ඩායම් 10ක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් හි ශුරතාවය වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ද 5 ⁣දෙනෙකු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරනු ලබනවා.

ඒ අතරින් පසුගිය දා පැවැත්වුණු IPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකමකට එනම් ඉන්දීය කෝටි 10කටත් අධික සංඛ්‍යාවකට අලෙවි වූ වනිදු හසරංග මේ වෙන විට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමඟ පුහුණුවීම් වලට එක් වී සිටිනවා.

වනිදු හසරංග රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරනු ලබන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් වන අතර එය ඔහුට පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද ජාත්‍යන්තර තලයේ අත්දැකීම් රැසක් ලබා ගැනීමට මහඟු අවස්ථාවක් බවට මෙය පත්වී තිබෙනවා.

පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී වනිදු හසරංග පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දැක්වූ දස්කම් හේතුවෙන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ ද ඉදිරි ස්ථානයක් නියත වශයෙන්ම වනිදු හසරංගට ලැබෙනු ඇත.

මෙම විශිෂ්ට තුන්ඉරියව් ක්‍රිඩකයා පිළිබඳ ජායාරූප දෙකක් සිය නිල ෆේස්බුක් ගිණුමට එක් කරමින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විශේෂ සටහනක් එක් කර තිබුණා.

එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ වනිදු හසරංග පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද සුපිරි තරුවක් බවයි.

එම සටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button