Cricket NewsEXCLUSIVE

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන තරඟ ආකෘති තුනම ඇතුලත් දින 36ක දීර්ග තරඟාවලියක් සඳහා ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට.!

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන තරඟ ආකෘති තුනම ඇතුලත් සම්පුර්ණ තරගාවලියකට තරග කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුනි මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම තරග සංචාරයට විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත්ව තිබෙනවා.

ජුනි මස 07 වැනිදා කොළඹදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වන විස්සයි-20 තරගයෙන් දෙරට අතර තරගාවලිය ආරම්භ වන අතර ජූලි මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් තරගාවලිය නිමාවනු ඇත.

2016 වසරේ ශ්‍රී ලංකාවේ සිදුකරන ලද තරග සංචාරයෙන් පසු පළමු වතාවට ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම දින 36 ක කාලයක් ශ්‍රී ලංකාවේ තරග වදිනු ඇත.

එහිදී පළමුව තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියත්, අනතුරුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියත් සහ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියත් පැවැත්වෙනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරග 2 ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර සෙසු සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button