දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ශතකයත්, රොෂේන් සිල්වාගේ සුපිරි පිතිකරණයක් හේතුවෙන් NPL පිටියේ කොළඹට විශිෂ්ට ජයක්.!
කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 9 වැනි තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම ඊයේ (25) සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉහළ නැගීමටද කොළඹ කණ්ඩායමට හැකි විය.
තරගයේ දෙවැනි දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
එහිදී හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමග පන්දු 143 කින් නොදැවී ලකුණු 125 ක් රැස්කළ නායක දිමුත් කරුණාරත්න, කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
නිපුන් ධනංජය (35) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දිමුත්, ඉන් නොනැවතී රොෂේන් සිල්වා (නොදැවී 55) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
රොෂේන්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය.
පළමු දිනය වූ ඊයේ (24 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටි කොළඹ කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 42 ක් පමණි.
ලකුණු 152 කට කොළඹ කණ්ඩායමේ පළමු ඉනිම සීමා කිරීමට මූලිකත්වය ගත් අකිල ධනංජය ලකුණු 47 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය.
ලකුණු 115 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ ගාල්ල කණ්ඩායමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ කොළඹ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 103 ක් පමණි.
ගාල්ල දෙවැනි ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ධනංජය ලක්ෂාන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 47 ක් රැස්කළේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 41 කට කඩුලු 5 ක් බිදහෙළුෑ අතර ගාල්ල දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ලක්ෂිත මානසිංහ ලකුණු 22 කට කඩුලු 3 ක්ද, නලින් ප්‍රියදර්ශන ලකුණු 39 කට කඩුලු 2 ක්ද දවාගැනීමට සමත් වූහ.
ගාල්ල පළමු ඉනිම – 267/10 (61.3)
සංගීත් කුරේ 51,
ප්‍රියමාල් පෙරේරා 51,
පබසර වඩුගේ 42,
කවිෂ්ක අංජුල 33,
ධනංජය ලක්ෂාන් 24,
චානක රුවන්සිරි 19,
හෂාන් දුමිඳු 18,
දිනේෂ් චන්දිමාල් 17,
ප්‍රභාත් ජයසූරිය 111/6,
අෂේන් බණ්ඩාර 4/2යි
කොළඹ පළමු ඉනිම – 152/10 (38.5)
අෂේන් බණ්ඩාර 35,
නිපුන් ධනංජය 25,
සිතාර ගිම්හාන් 20,
ප්‍රමෝද් මධුවන්ත 17,
ළහිරු මධුශංක 12,
අකිල ධනංජය 47/5
චානක රුවන්සිරි 45/3
ගාල්ල දෙවන ඉනිම – 103/10 (18)
ධනංජය ලක්ෂාන් 47,
පබසර වඩුගේ 26,
ප්‍රභාත් ජයසූරිය 41/5,
ලක්ෂිත මානසිංහ 22/3,
නලින් ප්‍රියදර්ෂන 39/2
කොළඹ දෙවැනි ඉනිම – 221/2 (50.4)
දිමුත් කරුණාරත්න නොදැවී 125,
රොෂේන් සිල්වා නොදැවී 55,
නිපුන් ධනංජය 35,
චලන ද සිල්වා 30/1,
සුමිඳ ලක්ෂාන් 34/1යි