Cricket NewsEXCLUSIVEIPL

තමාගේ ප්‍රථම පන්දුවට හයේ පහරක් එල්ල කළ පිතිකරුවාගේ කඩුල්ල ඊලඟ පන්දුවෙන් දවාගත් වනිඳුගේ වීඩියොවක් ඉන්දීය සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ⁣සංසරණය වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය ඊයේ අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූවා.

මේ අතර ඉන්දිය සමාජ මධ්‍ය පරිශීලකයින් අතර අපූරු වීඩියෝවක් වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

ඒ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පුහුණු දැල් තුළ වනිදු හසරංග ගේ අපූරු පන්දුයැවීමකුයි.

එහිදී වනිදු යොමු කරන ප්‍රථම පන්දුවට එම අවස්ථාවේ පහර දෙමින් සිටි පිතිකරුවා දැවැන්ත හයේ පහරක් එල්ල කරන අතර වනිදු යොමු කරන ලද දෙවන පන්දුවට කෙලින්ම කඩුල්ලේ දැවී එම පිතිකරුවා දැවී යනවා

කලක පටන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබුයේ වනිදු හසරංගට හයේ පහරක් එල්ල කරහොත් ඊළඟ පන්දුවට එම පිතිකරුවා දැවී යන බවයි.

ඒ හේතුවෙන් මෙම වීඩියෝව ඉන්දීය සමාජ මාධ්‍ය තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එම වීඩියොව පහතින්

එමෙන්ම මෙවර තරගාවලියේ තෙවන තරගය ලෙස අද රාත්‍රියේ Punjab Kings සහ Royal Challengers Bangalore තරඟයට පිවිසීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ටත් මෙම තරගය වඩාත් වැදගත් වන්නේ භානුක රාජපක්ෂ Punjab නියෝජනය කිරීමත්, Royal Challengers Bangalore කණ්ඩායම වනිදු හසරංග නියෝජනය කිරීමත් හේතුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button