Cricket NewsEXCLUSIVEWoman Cricket

Smriti Mandhanaගේ සුපිරි පිතිහරඹය අපතේ යවමින් ඉන්දීය කාන්තා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට.!

කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තරගයේ අවසන් පන්දුවේදී කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වුනා..

මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම ඉන්දියාවට මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 274 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ මිතාලි රාජ් පන්දු 84 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 68 ක් රැස්කළාය.

එම අර්ධ ශතකයත් සමග ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලාන තරගයකදී අර්ධ ශතකයක් ලබාගත් වයස්ගතම ක්‍රීඩිකාව ලෙසද මිතාලි වාර්තා අතරට එක්වූවාය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ස්මිත්‍රි මන්ධනා ලකුණු 71ක් රැස් කල අතර ශෆාලි වර්මා ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුනා. ඔවුන් දෙදෙනා එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 91 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගූවේ ඉන්දීය ඉනිම ශක්තිමත් කරමිනි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 275 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කඩුලු 7 ක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා.

පන්දු 63 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කළ මිග්නන් ඩු ප්‍රීස්, අවසන් පන්දුවට එක් ලකුණක් ලබාගනිමින් දකුණු අප්‍රිකාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.

මෙවර තරගාවලියේදී පස්වැනි වරටත් අර්ධ ශතකයක් ලබාගත් ආරම්භක පිතිකාරිණී ලෝරා වුල්වාර්ඩ්ට්, දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 79 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 80 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවාය.

ලාරා ගෝඩෝල් (49) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 133 කදී ලකුණු 125 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලෝරා සමත් වූවාය. පන්දු 69 කදී වාර්තා වූ ලාරාගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7