දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කිරීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් හට එරට අග්‍රාමාත්‍ය වරයා විසින් දිරි දීමනාවක් ලබා දෙයි.
මීට දින කිහිපයකට ඉහතදී බංග්ලාදේශ කණ්ඩායම ප්‍රභල දකුණු අප්‍රිකානුවන් දේදුණු දේශය තුලදීම පරාජයට පත් කලේය.සමස්ත තරඟාවලිය පුරාවටම විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල බංගලාදේශ ක්‍රීඩකයෝ තරඟාවලිය තරඟ 2-1 ක් ලෙස තරඟාවලිය ජයගත්තේ ඓතිහාසික කඩයිමක්ද පසු කරයමිනි.
දකුණු අප්‍රිකාවේ එක්දින තරඟාවලියක් ජයගත් දෙවන ආසියාතික කණ්ඩායමට බවට බංග්ලාදේශ කණ්ඩායම පත් විය.තමන්ගේ කණ්ඩායම ලැබුවේ විශාල ජයග්‍රහණයක් බව සඳහන් කරමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට හා ක්‍රීඩකයින් හට දිරි දීමනාවක් ලබාදෙන්නට බංග්ලාදේශ අග්‍රාමාත්‍ය වරයා තීරණය කර තිබේ.
ඇමෙරිකානු ඩොලර් 350,000 ක දිරි දීමනාවක් ඔවුන් හට හිමි කරදීමටයි තීරණය කර තිබෙන්නේ.කෙසේ නමුත් බංග්ලාදේශය දකුණු අප්‍රිකාව පරාජය කිරීම හේතුවෙන් ඔවුන්ගේ කණ්ඩායමට ලෝකයේ නම් දැරූ සමාගමක් අනුග්‍රාහකත්වය ලබාදෙන්නටද අපේක්ෂාවෙන් පසුවන බවද බංගලාදේශ මාධ්‍ය කිහිපයක් සඳහන් කර තිබුණි.