Cricket NewsEXCLUSIVETrending Article

තරුණ ක්‍රිඩකයන්ගෙ අනාගතය සමග සෙල්ලන් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට භානුක රාජපක්ෂ කියා දුන් කලකට අමතක නොවන පාඩම.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් මෑතකාලීනව බිහි වූ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස භානුක රාජපක්ෂ ව හැඳින්විය හැකිය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලිනව දස්කම් අතර සිටියදී පවා දැඩි කෙනහිලිකම් ලැබූ ක්‍රීඩකයෙකු ලෙසටත් ඔහුව හඳුන්වනු ලබනවා.

ඒ පසුගිය ලෝක කුසලාන තරගාවලිය සහ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුල අතිසාර්ථක වූ පසුවත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් අත්තනෝමතික හේතුමත ඔහුව ඉවත් කිරීම නිසයි.

ඒ සම්බන්ධව ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරිපිට ක්‍රිකට් රසිකයන් විසින් උද්ඝෝෂණයක්ද පසුගිය දා පවත්වනු ලැබුවේ භානුක රාජපක්ෂ ට සිදුවන මෙම අසාධාරණයන්ට විරුද්ධවයි.

මේ අතර ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය වන IPL ක්‍රිකට් තරගාවලියේ Punjab Kings කණ්ඩායම විසින් භානුක රාජපක්ෂ මිලදී ගන්නේ මෙවන් පසුබිමක් තුළයි.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් පවා ඉවත් කෙරුනු භානුක රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තබන Punjab Kings කළමනාකාරිත්වය ඔහුව ප්‍රථම තරගයටම ක්‍රීඩා කිරීමට යොදවනු ලබන්නේ කඩුල්ල පිටුපස වගකීම ද ඔහුට පවරමිනි.

තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදුවන අසාධාරණයන්ට එරෙහිව පිළිතුරු දීම මෙම තරඟයේ සිටම අරඹන භානුක රාජපක්ෂ Punjab Kings කණ්ඩායමේ ජයග්‍රහණ⁣යේ ප්‍රධාන නියමුවා බවට පත් වන්නේ පන්දුවාර 7කට පසුව එක් කඩුල්ලක් බිඳවැටී දැඩි පීඩනයකට නතු වී තිබූ Punjab Kings අලංකාර පහරවල් සමග පන්දු 22ක් තුළ ලකුණු 43 ක් රැස් කරමින් එතෙක් Punjab Kings වෙත තිබූ පීඩනය සම්පූර්ණයෙන්ම Royal Challengers Bangalore වෙත හරවා දමමිනි.

ක්‍රිකට් ක්‍රීඩා කරන වෙනත් කිසිදු රටක නොමැති ආකාරයට සෑම ක්‍රීඩකයෙකුට එකම ශාරීරික යෝග්‍යතා මට්ටමක් ගෙනයාමේ නිර්දේශ මත අත්තනෝමතිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉවත් කෙරුණු භානුක රාජපක්ෂ ⁣විසින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට මේ කියාදුන් පාඩම කලකට අමතක නොවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7