Cricket NewsEXCLUSIVEIPL

සිය සුපිරි ප්‍රහාරාත්මක පිතිකරණයේ යෙදෙමින් භානුක රාජපක්ෂ IPL පිටියේ නව වාර්තාවක් පිහිටුවයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 8වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Andre Russell සහ චාමික කරුණාරත්න නියෝජනය කරන Kolkata Knight Riders කණ්ඩායම අතර පවතී තරඟයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kolkata Knight Riders නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Punjab Kings කණ්ඩායම පන්දුවාර 18කුත් පන්දු 2ක් තුල සියලු දෙන දැවී ලකුණු 137ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Kolkata Knight Riders කණ්ඩායම පන්දුවාර 14කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුනා.

මෙහිදී Punjab Kings කණ්ඩායමේ ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.පන්දු 9ක් තුළ පමණක් ක්‍රියාත්මක වූ භානුක රාජපක්ෂගේ ඉණිම වේගවත් ලකුණු 31 කින් වර්ණවත් වුණා.ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 3ක් ඇතුළත් වූ අතර හතරේ පහර ද 3ක් ඇතුළත් වුණා.

භානුකගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුණේ 344.44 ක් ලෙසයි.

එය පංජාබ් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ප්‍රහාරාත්මක වේගය වීම විශේෂත්වයක්.

මීට පෙර හිටපු නායක කේ.එල් රාහුල් 2018 වසරේදී දිල්ලි කණ්ඩායමට එරෙහිව පන්දු 16කින් ලකුණු 51 ක් ලබා අදාල වාර්තාවට හිමිකම් කීවා. ඒ, 318.75 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමිනි.

එමෙන්ම IPL ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු විසින් හයේ පහර තුනක් පිට පිට එල්ල කර ඇති එකම ක්‍රීඩකයා වන්නේද භානුක රාජපක්ෂයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button