Cricket NewsEXCLUSIVEInternational

ක්‍රීඩකයන්ගේ මානසික සෞඛ්‍යයට හිතකර නොවන හා ක්‍රීඩකයන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල වන නිසා ඉන්දියාව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඉවත්කිරීමට සැරසෙයි.!

මේ වන විට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ හෙවත් fitness test සෑම ක්‍රීඩාවකට ම අදාළව පැවැත්වෙනවා.

එහිදී අවසන් කණ්ඩායම් තෝරාගැනීම සඳහා Fitness score එක බලපානු ලබනවා.

ඇතැම් රටවල් මෙයින් ඉතා ඉහළ මට්ටමේ ප්‍රයෝජන ලබා ගන්නා අතර තවත් රටවල් මෙය නිසි ලෙස භාවිතයට නොගැනීම හේතුවෙන් සිය අනාගත ක්‍රිකට් තරු වලපල්ලට යවමින් සිටිනවා.

ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටකම පාහේ මේ වනවිට ක්‍රිඩකයින් තෝරා ගැනීමේදි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය යොදා ගන්නා අතර ඊට කදිම උදාහරණයක් ලෙස ඉන්දියාවේ පැවැත්වෙන Yo-Yo පරීක්ෂණය හැඳින්විය හැකිය.

එහිදී එක් එක් ක්‍රීඩකයාගේ DNA දත්ත අනුවත් එම ක්‍රීඩකයා පන්දු යවන්නෙක්ද පිතිකරුවෙක් ද යන කාණ්ඩයට අදාලවත් මෙම යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වෙනවා.

කෙසේ නමුත් එය අනුකරණය කිරීමට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැනි ආයතන එහි මූලික අර්ථය පමණක් උපුටා ගෙන ඇති අතර සෑම ක්‍රීඩකයෙකුට ම එකම යෝග්‍යතා පරීක්ෂණ මට්ටම් ලබාදීම නිසා භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය වන Yo-Yo පරීක්ෂණය ක්‍රීඩකයන්ගේ මානසික සෞඛ්‍යයට හිතකර නොවන නිසාත් එමඟින් අනවශ්‍ය පීඩනයක් එල්ල විය හැකි නිසාත් ඉන්දිය ක්‍රිකට් ආයතනය විසින් නැවත එම යෝග්‍යතා පරීක්ෂණය සිදු නොකරනු ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ පිළිබඳව ANY පුවත් සේවය තැබූ සටහන පහතින් >>> https://www.aninews.in/news/sports/cricket/bcci-to-not-make-yo-yo-test-harder-for-players20220325225526/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7