Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂගේ Punjab Kingsට එරෙහිව මහේල ජයවර්ධනගේ Mumbai Indians තරඟ වදින IPL පිටියේ ගිණිකෙලි සංග්‍රාමය අද රාත්‍රියේ..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 23වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ මහේල ජයවර්ධන ප්‍රධාන පුහුනුකරිත්වය දරන Mumbai Indians කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Mumbai Indians හි නායකත්වය Rohit Sharma විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 4කට සහබාගි වී ඉන් තරඟ දෙකක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයේ පසුවනවා. Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු දුවද්දී දැවී යාමකට හසු වුනා.

අනතුරුව පැවති සිව් වන තරඟයට භානුකගේ ස්ථානයට Jonny Bairstow ක්‍රීඩා කිරීමට පැමිණියත් ඔහුට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. කෙසේ නමුත් අද තරඟයේදී Odean Smith වෙනුවට භානුක රාජපක්ෂ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව Punjab Kings හි ක්‍රීඩා කරන අද කණ්ඩායමට ඇතුලත් විදේශිකයන් සිව් දෙනා වන්නේ,Liam Livingstone, Jonny Bairstow, Bhanuka Rajapaksa, සහ Kagiso Rabada ය.

IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙසින් සැලකෙන Mumbai Indiansකණ්ඩායම මෙවර තරඟාවලියේ දැඩි පසුබෑමක් පෙන්නුම් කරමින් සහබාගි වූ තරඟ 4ම පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වනවා.

ඒ අනුව Mumbai Indians සහ Punjab Kings අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Mumbai Indians –

Rohit Sharma (c), Ishan Kishan (wk), Suryakumar Yadav, Tilak Varma, Tim David, Kieron Pollard, Fabien Allen, Murugan Ashwin, Jaydev Unadkat, Jasprit Bumrah, Basil Thampi

Punjab Kings –

Mayank Agarwal (c), Shikhar Dhawan, Liam Livingstone, Jonny Bairstow (wk), Bhanuka Rajapaksa, Shahrukh Khan, Rishi Dhawan, Kagiso Rabada, Rahul Chahar, Vaibhav Arora, Arshdeep Singh

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button