වසර 9 ක් පුරාවට තම නිවසට නොයා කැපවීම් කරමින් විශිෂ්ඨ දස්කම්පාන මුම්බායි සුපිරි යොවුන් තරුව – කුමාර් කාර්තිකේයා

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පස් වතාවක් ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් 15 වන සංස්කරණයේදී ඔවුන්ගේ පළමු ජයග්‍රහණය වාර්තා කළේ තරඟ 9 ක් පරාජය වීමෙන් අනතුරුවය.එහිදී ඔවුන් රාජස්ථාන් රෝයල්ස් පිල පරාජය කලේය.
තරගයේ වීරයා ලෙස පිතිකරු සූර්යකුමාර් යාදව් සම්මාන ලැබීය. කෙසේ වෙතත් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් අයිපීඑල් වරම් දිනාගත් වමත් පිට දඟ පන්දු යවන්නකු වූ කුමාර් කාර්තිකේයා සිය සුවිශේෂී පන්දු යැවීමේ දස්කම් නිසා කාගේත් සිත් ගත්තේය.
24 හැවිරිදි ඔහු සිය සම්පූර්ණ පන්දුවාර හතර රාජස්ථාන් පිතිකරුවන්ට රිසිසේ හිස ඔසවන්නට ඉඩ ලබානොදුන්නේය.ලකුණු 16 ක් ලබා සිටි රාජස්තාන් නායක සැම්සන්ගේ කඩුල්ල දවා ගනිමින් ලකුණු 19 කට ඔහුගේ පන්දුවාර හතරම යවා අවසන් කලේය.
ආබාධයට ලක්වූ අර්ෂාඩ් ඛාන් වෙනුවට කුමාර් කාර්තිකේයා මුම්බායි වෙනුවෙන් එක් කරගත්තේය.ඉන්දියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුල්තාන්පූර් ප්‍රදේශයේ සිට පැමිණි 24 හැවිරිදි ඔහු පසුගිය තරගයේ ඉනිමේ විවේකයේදී ඔහු අභිරහස් පන්දු යවන්නෙකු ලෙස තමන්ව හඳුන්වා ගත්තේය.
“මම අභිරහස් පන්දු යවන්නෙක්. මට සනීපයක් දැනෙනවා.මම සෙල්ලම් කරනවා කියලා දැනගත්තම මම ටිකක් කලබල වුණා. නමුත් මම සෑම පිතිකරුවෙකුටම එරෙහිව එක රැයක් පුරාවට සැලසුම් කළෙමි. මම සන්ජු සැම්සන්ට පා ආවරණ මත බෝල් කිරීමට උත්සාහ කළෙමි. සචින් සර් මට උපදෙස් දෙනකොට මට ලොකු විශ්වාසයක් ඇති වුණා” ඔහු ඉනිමේ විවේකයේදී පැවසීය.
“මම අවුරුදු 9 ක් ගෙදර හිටියේ නැහැ. මම ජීවිතයට යමක් අත්කර ගත් විට පමණක් ආපසු ගෙදර යාමට තීරණය කළෙමි. මගේ අම්මයි තාත්තයි මට නිතරම කතා කළා, නමුත් මම කැප වුණා. දැන් අවසාන වශයෙන් මම IPL වලින් පසුව ආපසු ගෙදර එනවා , ”
තව දුරටත් අදහස් දක්වමින් ඉනිමේ විවේකයේදී කාර්තිකේ Dainik Jagran වෙත පැවසීය.