Cricket NewsEXCLUSIVETrending Article

පසුගිය වසරේ IPL තරඟාවලිය පුරාවට දුෂ්මන්ත චමිරව බංකුවේ තැබූ කෝලි ඇතුළු RCB කළමණාකාරිත්වයට, Lucknow කණ්ඩායම කියා දුන් පාඩම.!

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේදී දුශ්මන්ත චමීර සමස්ත තරඟාවලියක් පුරාවට අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟින් සිටියේය.

දිගින් දිගටම බැංග්ලෝර් වේගපන්දු යවන්නන් හට පළමු පවර්ප්ලේ අවස්ථාව තුලදී කඩුලු ලබාගන්නට හැකිවූයේ අවස්ථා ගණන අතිශය අවමය.දිගින් දිගටම ඉන්දීය ප්‍රවීන විස්තර විචාරකයින් චමීර පළමු පවර්ප්ලේ අවස්ථාව තුලදී භාවිතයට ගැනීම විශාල ප්‍රථිලාභ බැංග්ලෝරය දෙසට නතු කරන බව පුන පුනා කීවේය.

සියල්ල කනකට නොගත් බැංග්ලෝර් කලමණාකාරීත්වයට දිගින් දිගටම අඩත්තේට්ටම් කරන්නට ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායම මෙවර ක්‍රීඩක වෙන්දේසියේ සිටම සමත් විය.

වෙන්දේසියේ සිටම චමීර වෙනුවෙන් බැංගලෝරය සමග කරට කර සිටි ලක්නව් කණ්ඩායම අවසානයේදී චමීර තමාගේ සංචිතයට එක් කරගත්තේය.

එතැන් පටන් නායක කෝලි හට මෙන්ම RCB කලමණාකාරීත්වයට එල්ල කලේ එසේ මෙසේ කණේ පහරක් නොවේ.

ලක්නව් නායක රාහුල් මෙන්ම ප්‍රධාන පුහුණු කරු ගෞතම් ගාම්භීර් ප්‍රමුඛ කලමණාකාරීත්වය අවේශ්ගේ සහයට හොඳම ආදේශකය චමීර බව පෙර තියා දුටුවේය.

මෙවර තරඟාවලිය පුරාවට චමීර තරඟ 7 ක් ක්‍රීඩා කොට අවසන්, ඒ තරඟ 7 තුලදී ඔහු තම කඩුලු ගොන්නට ශුබ්මන් ගිල්,විජේ ශංකර්,විරාට් කෝලි,ශිකර් ධවාන් හා මයාන්ක් අග්‍රවාල් වැනි ප්‍රභල මුල්පෙල පිතිකරුවන්ගේ කඩුලු ද එක් කරගත්තේය.

මුම්බායි කණ්ඩායමට එරෙහිව චමීර ක්‍රීඩා කල පළමු තරඟය හැරුණු කොට සෙසු තරඟ සියල්ලේම පාහේ චමීර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අතර ලොව ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරඟාවලිය තුලදී චමීර පන්දුවාරයකදී ලබාදෙන දල ලකුණු සංඛ්‍යාව 7.80 ක් පමණි.

වේගවත් තරඟ ආකෘතියක් තුල පළමු පවර්ප්ලේ අවස්ථාව තුල චමීර බොහෝ විට පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරන අයුරු දක්නට ලැබුනි.අවේශ් හැරෙන්නට ලක්නව් සතු සෙසු වේගපන්දු යවන්නන් හට වඩා නව පන්දුවේ හොඳ පාලනයක්,වේගයක් හා දෝලනයක් චමීර සතු විය.

පසුගිය වසරේදී බැංග්ලෝර් කණ්ඩායමට චමීරගේ නොපෙනුනු පැතිකඩ මෙවර ලක්නව් කණ්ඩාමට දුටුවේය.

බැංග්ලෝර් ආරම්භක වේගපන්දු යවන්නන් පසුගිය වසරේදී පළමු පවර්ප්ලේ අවස්ථාව තුලදී බලපෑමක් සිදු නොකල තරම්ය.නමුත් ඒ වන විට චමීර සිටි රිද්මය අනුව ඔහුට එය සිදුකිරීමට තිබුණු හැකියාව සෙසු ක්‍රීඩකයින්ට වඩා ඉහල මට්ටමක තිබුණි.

කෙසේ නමුත් ඒ අතින් ගන්නා කල ගාම්භීර්ගේ සම්පත් කලමණාකරණය කිරීමට ඇති හැකියාව සෙසු පුහුණුකරුවන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button