Maxwellගේ විශිෂ්ට ඉණිම හමුවේ තියුණු තරඟයකින් අනතුරුව ශ්‍රී ලංකාව පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු එක්දින තරඟයෙන් ජය ලබයි.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස අද (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවති තරඟයෙන් කඩුලු 2කක තියුණු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.
අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් වුනා.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් රැස් කල අතර පැතුම් නිස්සංක ලකුණු 56ක් ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් සහ තරඟයේ අවසන් භාගයේ වේගවත් පිතිකරණයක් දියත් කළ වනිඳු හසරංග ලකුණු 37ක් රැස් කළා.
පන්දු යැවීමේදී Ashton Agar සහ Marnus Labuschagne කඩුලු 2 බගුන් බිඳ හෙලීමට සමත් වුනා.
අනතුරුව ලකුණු 301ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිසියත් හදිසියේ ඇදහැළුණු වර්ෂා තත්වය හේතුවෙන් තරඟයේ ජයග්‍රහනය සඳහා පන්දුවාර 44ක් තුල ලකුණු 282ක ඉලක්කයක් ඕස්ට්‍රේලියානුවන්ට හිමි වුනා.
ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා සහ ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා වූ Glenn Maxwell ලකුණු 80ක් රැස් කල අතර Steve Smith ලකුණු 53ක් Aaron Finch ලකුණු 44ක් සහ Marcus Stoinis ලකුණු 44ක් රැස් කිරීමට සමත් වුනා.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු 4ක් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුනා. තරඟයේ වීරයා සම්මානය Glenn Maxwell හට හිමි වුනා.
ඒ අනුව 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුනා.