Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානයට යන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සිංහ සංචිතය නම් කෙරේ.!

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

එමෙන්ම ඕමානයේ සත්කාරකත්වය යටතේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය හෙට (20) ඇරඹෙනවා

UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවලි මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඍජුවම සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

මේ අතර මෙවර ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නායක දසුන් ශානකහට හිමි වී තිබෙන අතර උපනායකත්වය චරිත් අසලංක හට හිමිව තිබෙනවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් මෙම මෙම සංචිතය සමන්විතයි. කෙසේ නමුත් අන් රටවල් සියල්ලම මේ වන විට ආසියානු කුසලාන සඳහා වන සිය සංචිත නිවේදනය කර අවසන්.

ඒ අනුව මෙවර ආසියානු කුසලාන තරග වදින ශ්‍රී ලංකා සංචිතය පහතින්,

01. Dasun Shanaka (Capt)
02. Dhanushka Gunathilak
03. Pathum Nissanka
04. Kusal Mendis (WK)
05. Charith Asalanka (VC)
06. Banuka Rajapaksha (WK)
07. Ashen Bandara
08. Dhananjaya de Silva
09. Wanidu Hasaranga
10. Mahesh Theekshana
11. Jeffery Vandersay
12. Praveen Jayawickrema
13. Dushmantha Chameera
14. Binura Fernando
15. Chamika Karunaratne
16. Dilshan Madushanka
17. Matheesha Pathirana
18. Dinesh Chandimal (WK)
19. Nuwanindu Fernando
20. Kasun Rajitha

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button