Cricket NewsEXCLUSIVEInternational

වසර 5කට පසු පළමු වරට බංගලාදේශ කණ්ඩායමට 2023 වසරේදී සිම්බාබ්වේ සමග තරඟ සංචාරයක් නැහැ.!

2023 – 2027 වසර 05 සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සියලුම රටවල් වලට අදාලව තරඟ සටහන් නිකුත් කරනු ලැබුවා.

මෙම ජාත්‍යන්තර තරග කාලසටහනට අනුව එළඹෙන 2023 වසරේ දී බංගලාදේශ කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායම සමඟ කිසිදු තරගාවලියක් පැවැත්වෙනු ලැබෙන්නේ නැහැ.

2017 වසරේ සිට අඛණ්ඩව වසර පහක් පුරාවට පැවැත්වුණු බංගලදේශ සිම්බාබ්වේ තරග සංචාරයන් 2023 වසරේ නොපැවැත්වෙන්නේ වසර 5කට පසු පළමු වතාවටයි.

අවසන් වරට සිම්බාබ්වේ සහ බංගලදේශ කණ්ඩායම එකිනෙක මුණ ගැසුණේ මීට දින කිහිපයකට පෙර පැවති බංගලාදේශ කණ්ඩායමේ සිම්බාබ්බේ තරග සංචාරයේදී වන අතර එහිදී විස්සයි-20 තරඟාවලියෙන් 2-1ක් ලෙස සහ එක්දින තරගාවලියෙන් 2-1ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම තරඟාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා.

කෙසේ නමුත් 2023 වසරේ නොපැවැත්වුවත් මීළඟ වසර තුන තුළ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරගාවලි තුනක් පැවැත්වීමට අදාල කාලසටහනේ දින වෙන්වී තිබෙනවා.

ඒ අනුව බංගලදේශ කණ්ඩායම සත්කාරකත්වය දක්වන තරඟාවලි දෙකක් සහ සිම්බාබ්වේ තරග සංචාරයක් ඇතුළත් වනවා.

2023 වසරේ බංගලාදේශ තරග කාල සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button