EXCLUSIVESocial ReactionTrending Article

“අවාසනාව මිය ගිය ඉනිම” කුසල් මෙන්ඩිස්ගෙ සටන්කාමි ඉනිම ගැන ක්‍රිකට් රසිකයකු තැබු සටහන

Kusal Mendis goes aerial, Bangladesh vs Sri Lanka, Men's T20 Asia Cup, Dubai, September 1, 2022

කුසල් මෙන්ඩිස් කියන්නේ මෑත කාලයේ අපේ ක්‍රිකට් වල හිටපු අවාසනාවන්තම ක්‍රීඩකයෙක් කිව්වොත් නිවැරැදියි.
පහුගිය ටිකේ පුදුම අවාසනාවක් තිබුනේ. අපේ වචනෙන් කිව්වොත් හෙන විතරයි මිනිහට ගැහුවේ නැත්තේ…
ඒ තරමටම ප්‍රශ්න,

තරග තහනම් වෙලා එළියට ගියපු කුසල් මෙන්ඩිස් ආයෙමත් පර්ෆෝම් කරලා ටීම් එකට එනවා.
හැබැයි අවාසනාවේ නම් අඩුවක් නැ…

මතක ඇති පහුගිය ටිකේ අහක යන බෝල් වලටත් මිනිහා අවුට් වුනු විදිහ,
එක පාරක් නෙමෙයි දෙපාරක්ම හිට් විකට් ගිහින් මාරම අවාසනාවන්ත විදිහට අවුට් වුනු විදිහ,
හැබැයි ඊයේ මිනිහගේ දවස,

පහුගිය ටිකේ තිබුන අවාසනාව අනිත් පැත්තට කැරකුන දවස,
කවුරුත් මේ චාන්ස් වලන් ගහපු ඉනිම අවතක්සේරු කරන්න එපා…

ඔව්.. කුසල් මෙන්ඩිස් දවා ගන්න බංග්ලාදේශයට හැම විදිහකින්ම අවස්ථාව තිබුනා. උඩ පන්දු අත හැරියා. සමහර උඩ පන්දු විනිසුරු තීරණ නොදැවීයාම් විදිහට සටහන් වුනා.තවත් සමහර උඩ පන්දු නෝ බෝල් වුනා. දුවද්දි දැවී යාම් මිස් වුනා.
ඇත්ත…

Mustafizur Rahman and Kusal Mendis in action, Bangladesh vs Sri Lanka, Men's T20 Asia Cup, Dubai, September 1, 2022

පහුගිය කාලයේ කුසල් එක්ක තිබුන අවාසනාවට ඊයේ කුසල්ට ‍රිටර්න් එක ලැබුනා.
ඉතිං පහුගිය කාලයේ කුසල් අවාසනාවන්ත විදිහට අවුට් වෙද්දි කීයෙන් කී දෙනයිද කිව්වේ ” අනේ අවාසනාවකට අවුට් වුනේ ” කියලා,

එහෙනම් දැන් ” චාන්ස් දීලා ගහපු ඉනිමක් මේක, මේක වැඩක් නැ ” කියන්නත් එපා…
මොකද පහුගිය ටිකේ තිබුන අවාසනාව ඊයේ කුසල්ට වාසනාවක් වෙලා ආවා. ඒකෙන් කුසල් උපරිම ප්‍රයෝජන ගත්තා.
අමතක කරන්න එපා…

කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙක් විදිහට දාන්න කියලා ඔච්චර අපි ලතෝනි දුන්නේ ඔන්න ඔය හින්දා…
එතකොට කියපු කතා ” ඕපන්ම ඕනිද ? ප්ලෙයර් කෙනෙක් වුනාම ඕනි තැනක් ගහන්න පුළුවන් වෙන්න ඕනි. ” ඇත්ත… ඒත් කුසල් මෙන්ඩිස් ටුවෙන්ටි ෆෝමැට් එකේ සාර්ථක වෙන්නෙම ආරම්භක පිතිකරුවෙක් විදිහට විතර නම් අපි මොනවා කරන්නද ? පහුගිය ටිකේ නොම්බර හතරේ පිතිකරුවෙක් විදිහට ෆේල් වෙවී හිටපු කුසල්ට ඕපන් දුන්නා විතරයි ආයේ ඕපන් ඇවිත් ගහපු දෙවෙනි ඉනිමෙන්ම අර්ධ ශතකයක් ගැහුවා.

තව කතා කිව්වා.
කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක කියන්නේ එකම වගේ පිතිකරුවන් දෙන්නෙක් කිව්වා. පවර්ප්ලේ පන්දුවාර හය ඉවරෙටම ඉවරයි කිව්වා. අන්තිමට කුසල් මෙන්ඩිස් ඊයේ පවර්ප්ලේ එකේ ලකුණු 24ක් ගහනවා. ඒ පන්දු 14කින්. අපි පවර්ප්ලේ එකේ ලකුණු 48ක් ගැහුවා. ඉතිං ඔස්තාර් උන්දැලට මේ තරගය පුරාම අපේ ක්‍රීඩකයින් උත්තර දුන්නා.
අන්තිමේදී කුසල් මෙන්ඩිස් පන්දු 37කින් වටිනා ලකුණු 60ක් ලබා ගන්නවා. ඊට හතරේ පහරවල් 4ක් සහ හයේ පහරවල් 3ක්
ඇතුලත් වෙනවා. ප්‍රහාරාත්මක වේගය 162.16ක ඉහල අගයක් ගන්නවා.
අපි මැච් එක දිනනවා.

Dasun Shanaka plays the pull shot, Bangladesh vs Sri Lanka, Men's T20 Asia Cup, Dubai, September 1, 2022

මේ කුසල්ගේ හත්වෙනි විස්සයි විස්ස අර්ධ ශතකය. කුසල් අර්ධ ශතක ගහපු මැච් වලින් අපි තාම පැරදිලා තියෙන්නේ මැච් දෙකයි. ඉතුරු සේරම මැච් අපි දින්නා. පැරදුනු මැච් එකක අපි ලකුණු 174ක් ගැහුවා. අනිත් මැච් එකේ අපි ලකුණු 214ක් ගැහුවා.

ඉතිං පහුගිය ටිකේ බිංදුසාර කියලා හංවඩු ගහපු එකා කවුද කුසල් මෙන්ඩිස් කියන්නේ කියලා පෙන්නුවා. දැන් ඔය පහුගිය ටිකේ කුසල් නහුතෙටම ෆේල් වෙද්දි හංවඩු ගහපු අය මේ ඉනිමට චරිත සහතික දෙන්න එන්න එපා..

Kusal Mendis hits out, Bangladesh vs Sri Lanka, Men's T20 Asia Cup, Dubai, September 1, 2022
ඔව්.. පහුගිය ටිකේ කුසල් එක්ක අවාසනාව ලියවිලා තිබුනා. හැබැයි මේ මැච් එකේ එහෙම වුනේ නැ.. වෙනදා අවාසනාව කරපින්නාගෙන ආපු එකා එක්ක නිරතුරුවම මෙවර වාසනාව තිබුනා. ක්‍රිකට් කියන්නේ ඕක තමයි. මනංකල්පිත අදහස් වලින් තරගයක ජයග්‍රහණය තීරණය වෙන්නේ නැ. ඉතිං ඒ දීපූ චාන්ස් වලින් ප්‍රයෝජනයක් ගන්න බංග්ලාදේශයට බැරි වුනා. නමුත් කුසල් ඒ චාන්ස් වලින් ප්‍රයෝජනයක් අරන් ලක් අම්මා දිනවන්න සුපිරි ඉනිමක් ගැහුවා. වුනු වැරදි හදාගෙන ඊලග එකත් ගහමු මෙන්ඩා…!
✍️ Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

One Comment

  1. කුසල් මෙන්ඩිස් ඕනෑවට වඩා පුම්බන එක හිතා ගන්න බෑ වැඩේක් නම් ගහන්න තිබ්බා ඇෆ්ගන්ලට බොරු පිම්බීම එපා තව ඉනිම2 ක් ගහන්න දීලා බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button