Cricket NewsEXCLUSIVEInternational

“ලොකු මෝටිවේශන් එකක් ආවා ඇෆ්ගනිස්ථාන තරගය පැරදුනාට පස්සෙ, ඊලග තරගෙට 200% දෙනවා ” භානුක රාජපක්ශ කියයි

Asitha Fernando (left) on T20I debut hit the winning runs for Sri Lanka, Bangladesh vs Sri Lanka, Men's T20 Asia Cup, Dubai, September 1, 2022
ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර ඊයෙ පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි හතර දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එමෙන්ම වාර්තා අතරට එක් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරඟයක හඹා ගොස් ජයගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 183ක් රැස් කිරීමට සමත් වුණා.

බංගලාදේශ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ යොවුන් ක්‍රීඩක Afif Hossain පන්දු 22කදී ලකුණු 39ක් වාර්තා කිරීමට සමත් වුනා. Mehidy Hasan ලකුණු 38ක් රැස් කළ අතර Mahmudullah ලකුණු 27ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 184ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 184ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Dasun Shanaka plays the pull shot, Bangladesh vs Sri Lanka, Men's T20 Asia Cup, Dubai, September 1, 2022

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 37ක් තුල වෙගවත් ලකුණු 60ක් රැස් කල අතර නායක දසුන් ශානක ලකුණු 45ක්, පැතුම් නිස්සංක ලකුණු 20ක් සහ චාමික කරුණාරත්න ලකුණු 16ක් රැස් කළා.

පන්දු යැවීමේදී Ebadot Hossain කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අතර තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදි භානුක රාජපක්ෂ පවසා සිටියෙ මෙවන් අදහසක්.,

” කණ්ඩායමේ 11 දෙනාම එකතු වෙලා මේ ලබා ගත්ත ජයග්‍රහණය ලොකු කන්ෆිඩන්ස් එකක් එනවා. කුසල් මෙන්ඩිස්ගෙ ඕපනින් පාට්නර්ශිප් එකයි දසුන් ශානකගෙ ඉනිමයි ඊට පස්සෙ අපෙ මිඩල් ඕඩර් එකෙ විකට් වැටුනත් රන් රේට් එක තියාගෙන හිටියා.

ඒ වගේම අසිත හිතපු නැති විදියට ජයග්‍රහණය කරලා දුන්නා. කොයි වෙලාවකවත් අපි හිතුවෙ නැ මේක චේස් කරන්න බැරි ස්කොර් එකක් කියලා. අපි දැනන් හිටියා මේ තරගය පැරදුනොත් අපි කොහොමත් තරඟාවලියෙ ඉවත් වෙනව කියලා.

ලොකු මෝටිවේශන් එකක් ආවා ඇෆ්ගනිස්ථාන තරගය පැරදුනාට පස්සෙ. අපි දැන් ඇෆ්ගනිස්ථානයක එක්ක ඊලග තරගෙට යද්දි හොද සූදානමක් තියෙනවා, මීට වඩා 100 ට 200 ක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.”

Bhanuka Rajapaksa handed one-year suspension from all forms of cricket over player contract breach

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button