EXCLUSIVETrending Article

2022 වසරේදී අළු ගසා දමා, ගිණි අඟුරු මතින් නැවතත් නැගී සිටින ක්‍රිකට් ඇතුළු ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ 2023 අනාගතය.!

2022 ශ්‍රි ලාංකීය ක්‍රීඩාවට පමණක් නොව ලෝක මට්ටමේ ක්‍රීඩාව තුලද අමතක නොවන මතක රාශියක් ඉතිරි කල මනරම් වසරක්…

‍යුපුන් අබේකෝන් ලක් මාතාවගේ නාමය ලෝකයට රැගෙන යමින් මීටර් 100 තරග ඉසව්ව තත්පර 10ට අඩුවෙන් දුවනවා.
ඒ විතරක් නෙමෙයි පොදුරඳමඩුලු පථයේ මීටර් 100 ලෝකඩ පදක්කම ලක් මවට රැගෙන එනවා.
එය ඇතුලුව පදක්කම් රාශියක් අපි ජයග්‍රහණය කරනවා.

විටෙක ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගයකදි ලකුණු 199කට දැවී යද්දි ද්විත්ව ශතකයට එක ලකුණක් අහිමි වෙද්දි ප්‍රේක්ෂක අපි දුක් වෙනවා.

ඒ වගේම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් පිච්චියකටවත් මායිම් නොකරමින් චන්දිමාල් ගහපු ටෙස්ට් ද්විත්ව ශතකය අපිව සතුටින් පිනවනවා.

ප්‍රභාත් ජයසූරිය කියලා කෙනෙක් ඇවිත් ටෙස්ට් පිටියේ රංගන හේරත් මතක් කරනවා.

පරාජය පෙනි පෙනි තිබුන ප්‍රේක්ෂක දෑස් කඳුළින් තෙත් වෙලා තිබුන මොහොතක දසුන් ශානක ඇවිත් කැන්ගරුවන්ට පන්න පන්න ප්‍රහාරය දියත් කරමින් කෙරූ පල්ලෙකැලේ මිරැකල් 2022 වසරේ සදා අමරණීයයි.

එතැනින් අවදි වුනු සිංහයා ඕස්ට්‍රේලියානුවන් එක්දින පිටියේ පාගා දමමින් ඓතිහාසික එක්දින තරගාවලි ජයක් ලබනවා. ඒ තරගාවලියේ සිව්වෙනි තරගයේ චරිත් අසලංක රැස් කරපු මනරම් ශතකයේ වටිනාකම අවසන් මොහොතේදී අපෙන් අහිමි වෙන්නට යද්දි දසුන් ඇවිත් පන්දුවෙන් ඔහුගෙන්ම ගිලිහෙන්නට ගිය තරගය නැවතත් බේරපු අයුරු මතකයි.

අපි ආසියානු කුසලානයේ පලවෙනි තරගය පැරදිලා ඉතිරි තරග සේරම දිනනවා. ඒකට දසුන් පල්ලෙකැලේ ගහපු ඉනිමත් එක මොරාල් එකක් ! ඒක විතරක් නෙමෙයි. එදා ආසියානු කුසලානයේ බංග්ලාදේශය හමුවේ පරදින්න යද්දි අනන්තයෙන් ආපු තරු කුමාරයෙක් වගේ අසිත ප්‍රනාන්දු පිටියට ඇවිත් අපිව දිනවනවා.

අපි ඉන්දියාව පවා පරාජය කරලා පකිස්තානය දෙවරක් පරාජය කරලා වසර අටකට පසුව සංගා මහේල දිල්ශාන් මාලිංග වගේ එදා අපේ හිටපු ප්‍රවීණයින් නැතුව නැවතත් ලක් මව් තුරුලට ආසියානු කුසලානයක් ගෙන එනවා.

ඒත් එක්කම අපේ කෙල්ලෝ නැවත වරක් ආසියාවේ දැල් පන්දු ශූරියන් වෙනවා. කාන්තා ක්‍රිකට් කන්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

පැසිපන්දු ක්‍රීඩිකාවන් ආසියානු ශූරතාවය ලක් භූමියට රැගෙන එනවා.

පරාජය වෙන්න ගිය තරගයක් බේරගෙන චරිත් අසලංක ප්‍රමුඛ සිංහයෝ ඇෆ්ගනිස්තානයට එරෙහිව අමරණීය සටනකින් ජයක් ලබා ගන්නවා.

ලෝක මට්ටමට ගියොත් ඉතිහාසයේ හොදම පාපන්දු ලෝක කුසලානයක අවසන් මහා තරගය සියැසින් දැක බලා ගැනීමට අපිට හැකි වෙනවා. ලෝක පූජිත ලියනල් මෙසී ලෝක ශූරයෙක් වෙනවා.

ඉතිං…
අමරණීය මතක රාශියක් හදවතේ ඉතුරු කරමින් 2022 අපේ මිත්‍රයා යන්න යනවා.
අතීතය පරණ වුවත් වයින් වගේ රස කර කර ඉදිරියේදී කතා කරන්නට පුළුවන් වසරක් ලෙස 2022 හදුන්වන්න පුළුවන්,
ස්තූතියි 2022…..

අපේ ක්‍රීඩාව මේ තරම් ලස්සන කරාට…!
සාදරයෙන් පිලිගමු 2023,
යන්න ලොකු ගමනක් තියෙනවා. 2022 නතර කරපු තැනින් තවත් සුන්දර මතක ගොන්නක් එකතු වෙන්නට තියෙනවා. ඉතිං 2023, නුඹට භාරයි ඒ සුන්දර මතක හදවතේ කැටයම් කරන්නට….

අලුතින් ඇරඹූ 2023, ක්‍රීඩාවට සුභම වේවා…!!! මගේ රටේ මගේ එවුන්ට මෙන්ම සුවහසක් ලෝකයටම, සිතෙන දේ එලෙසම ඉටු වෙන, සුභම සුභ නව වසරක් වේවා !!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button