Cricket NewsEXCLUSIVE

ලෝකෙම බය රෂිඩ් ඛාන්ව තුට්ටුවකට මායිම් නොකරමින් දැවැන්ත හයේ පහරවල් සමග ශ්‍රී ලංකා පිතිකරුවන් එල්ල කළ වාර්තාගත පිතිහරඹය.!

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ⁣මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ Super 4s තරඟ වටය ආරම්භ වීමත් සමගයි.

Super 4s තරඟය වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරඟයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමින් පළමු වටයේදි ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලැබු අමිහිරි පරාජයේ වේදනාව මකා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමග Super 4s වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුවා.

මෙම තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණු ප්‍රධාන කරණය ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Sanjay Manjrekar පවසා සිටියේ ඇෆ්ගනිස්ථාන පන්දු බල ඇණිය සම්භන්දයෙන් කිසිදු තැකීමක් නොකර ශ්‍රී ලංකා පිතිකරුවන් පහර දීම බවයි.

අන්තර්ජාතික ඇෆ්ගන් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට රෂීඩ් ඛාන්, මූජීබර් රහුමාන්, නබී තිදෙනාටම එරෙහිව එකම තරඟයකදී 6 පහර දෙක බැගින් වාර්තා වූ පළමු අවස්ථාවද ශ්‍රී ලංකාව සමාග පැවති ඊයේ තරඟයයි.

එමෙන්ම ඔවුන් තිදෙනාම එක්ව ක්‍රීඩා කළ විස්සයි-20 තරඟවලදී (පන්දුවාර 4 ) තිදෙනාටම ලකුණු 30 ට වැඩිය පිතිකරුවන් රැස් කළ ප්‍රථම අවස්ථාවත් ඊයේ තරඟයයි.

එමෙන්ම ලොව පුරා ප්‍රිමියර් ලිග් තරඟ වලට නැතිවම බැරි ක්‍රීඩකයකු ලෙස ප්‍රකට ඇෆ්ගනිස්ථාන සුපිරි තරුව රෂිඩ් කාන් තමන්ගේ ජාත්‍යන්තර විස්සයි-20 ක්‍රිකට් දිවියේ එක් තරගයක දී ලබාදුන් තෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ඊයේ ලංකාවට ලබාදුන්නා..

එමෙන්ම රෂීඩ් කාන්ට විස්සයි-20 පිටියේ වැඩිම පන්දු යැවීමේ සාමාන්‍යයක් ඇත්තේ ලංකාවට එරෙහිව යි. ඒ 39.00 ක අගයක්ක ඩුල්ලක් ලබා ගැනීමට වැඩිම පන්දු ගනනක් වැය කරන්නේ ද ලංකාවට එරෙහිව යි.. ඒ පන්දු 36 ක්..

රෂීඩ් ඛාන්ගේ පන්දුවාරයකට ලකුණු 17 ක් ලබාගෙන ඇත්තේ වසර 7 කට පසුව වන අතර 2015 දී සිම්බාබ්වේ විසින් ඔහුගේ පන්දුවාරයකට ලකුණු 20 ක් උදුරා ගත් පසු 2022 ඊයේ තරඟයේදී මෙන්ඩිස් – පැතුම් විසින් ලකුණු 17 ක් උදුරා ගන්නා ලදී.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button