EXCLUSIVETrending Article

තරඟකාරී ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ ගලවන්න බැරි ලේබල් එකක් අලවපු ශ්‍රේයස් අයියර් ගැන ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!

මේ මනුස්සයා මාරම හාදයෙක් !
හරියට ටීම් එකේවත් තැනක් තිබ්බේ නැ.
හැබැයි ලැබුනු චාන්ස් එකෙන් ගැහුවා උණ ගැනෙන්නම….!!!

අන්තිමට කොහොම හරි කෝලි විවේක ගන්වපු නිසා අයියර්ට චාන්ස් එක ලැබුනා.
එසේ මෙසේ ගැහිල්ලක් නෙමෙයි !
කෝලි කරපු දෙයක්ම කරලයි අන්තිමට අයියර් නතර වෙන්නේ.

ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග තුනකදී පිට පිට අර්ධ ශතක රැස් කර ගත්ත අවස්ථා හතරක් වාර්තා වෙනවා.

එයින් තුන් වතාවක්ම ඒ දක්ෂතාවය දක්වලා තියෙන්නේ විරාට් කෝලි.

කෝලි 2012දී ශ්‍රි ලංකාව , නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව පිට පිට අර්ධ ශතක තුනක් රැස් කරනවා.

ඊට පස්සේ 2014දි ආයෙමත් කෝලි දකුණු අප්‍රිකාව , ශ්‍රි ලංකාව සහ එංගලන්තයට එරෙහිව පිට පිට අර්ධ ශතක තුනක් ගහනවා.

2016දිත් කෝලි ඕස්ට්‍රේලියාවට එරෙහිව පිට පිට අර්ධ ශතක තුනල් ගහනවා.

ඊට පස්සේ තමයි අයියර් ලංකාවට එරෙහිව මෙච්චර කාලයක් කෝලිගේ අණසක පැවති දක්ෂතාවයක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය වෙනුවෙන් කරන්නේ. ඉන්දියානුවෙක් විදිහට !

අයියර් ශ්‍රි ලංකාවට එරෙහිව පලවෙනි තරගයේ බෝල 28කින් ලකුණු 57ක් නොදැවී ගහනවා.
දෙවෙනි තරගයේදී බෝල 44කින් නොදැවී ලකුණු 74ක් ගහනවා.
තුන්වෙනි තරගයේදී බෝල 45කින් නොදැවී ලකුණු 75ක් ගහනවා.

තරගාවලියේ වීරයා සම්මානය සහ තරගයේ විරයාට හිමි සම්මාන දෙකක් අයියර් මේ තරගාවලියේ ලබා ගන්නවා.
මේ තරගාවලිය පුරාම අයියර්ව දවා ගන්න ලංකාවේ කිසිම පන්දු යවන්නෙක් සමත් නොවීමත් විශේෂත්වයක් !!!

තරගකාරී ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ ගලවන්න බැරි ලේබල් එකක් අලවන්න අයියර් පටන් අරන් තියෙනවා.

අනාගත නායකයෙක් විදිහට ලොකු ගමනක් යන්න පුළුවන් කෙනෙක් මෙහෙම ස්ථාවර වෙච්චි එක නම් ක්‍රිකට් පිටියට මාරම වටිනවා.

මේ පාර අයි.පි.එල් වෙන්දේසියේ දිල්ලිය කරපු ලොකුම මෝඩ වැඩේ තමයි මේ…

නායකත්වය වගේම පිතිකරුවෙක් විදිහටත් අයියර් දැන් ඉන්නේ වෙනම ලෙවල් එකක…කොච්චර සල්ලි විසි කරලා හරි අයියර්ව ගත්තා නම් පාඩුවක් වෙයි කියලා නම් මං හිතන්නේ නැ…

කොහොම හරි කොල්කටා කන්ඩායම දින්නා.

ඉස්සරහට ලස්සන ක්‍රිකට් එකක් ශ්‍රෙයාස් අයියර් කියන හාදයගෙන් අපිට බලා ගන්න පුළුවන් වේවී !!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7