Cricket NewsEXCLUSIVEInternational

වසිම් අක්රම්ගෙන් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ට උපදෙස් !

ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම වමත් වේග පන්දු යවන්නකු මෙන්ම පාකිස්තානු කණ්ඩායමේ හිටපු නායකයකු ද වන වසිම් අක්රම් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ට උපදෙස් දීම සඳහා දිවයිනට පැමිණ සිටී. වසිම් අක්රම්, සිය සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් වෙනුවෙන් උපදේශන සැසිවාර පහක් පැවැත්වීමට සූදානමින් සිටී.

අක්රම්ගේ උපදේශන සැසිවාර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දස්කම් මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් මෙන්ම ප්‍රධානතම පළමු පෙළ තරගාවලියේ ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් ද සම්බන්ධ කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය වේග පන්දු යවන්නන් සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යාස ආයතනයේ සිටින ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ද මෙම උපදේශන සැසියට සම්බන්ධ වනු ඇත.

අද (01 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි වසිම් අක්රම්, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වන ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීමට කැමැත්ත පළකර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයෙන් කියැවෙයි.

සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු ද වන වසිම් අක්රම්ගේ උපදේශන මාලාව අද (02 වැනිදා) ආරම්භ විය.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button