Cricket NewsEXCLUSIVEInternational

“අපි මේ දේ හිතේ තියාගෙන සිටියා, නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට ලැබුණු එක ගැන සතුටුයි” – රෝහිත් ශර්මා

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වුණු විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වූයේ තවත් දැවැන්ත තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.

එහිදී ඉන්දීය විස්සයි-20 කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ රෝහිත් ශර්මා විසිනුයි.

තරඟාවලියෙන් අනතුරුව පවතී මාධ්‍ය හමුවට එක් වෙමින් රෝහිත් ශර්මා පවසා සිටින්නේ පසුගිය කාලයේ දී විස්සයි-20 කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය ස්ථානය රැකගන්නට ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කළත්, දැන් ඔවුන්ට නිදහසේ ක්‍රීඩා කරන්නට අවස්ථාව ලබා දී ඇති බවයි.

2021 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව Rohitගේ නායකත්වයෙන් ඉන්දියානු කණ්ඩායම ක්‍රීඩා කළ විස්සයි විස්ස තරගාවලි තුනම පිට පිටම ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි රෝහිත්,

“කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කියන්න ඕනේ ඔබේ ස්ථානය ගැන වද නොවී ක්‍රීඩා කරන්න කියලා. අපි අඩුපාඩු තියන තැන් හදාගන්න ඕනේ”,

“අපිට මේක ලොකු අභියෝගයක් වෙයි. ඒ වුනත් ක්‍රීඩකයින්ගේ රිද්මයේ නැති වෙනවට වඩා හොඳයි ක්‍රීඩකයින් ගොඩක් රිද්මයේ ඉන්න එක. අපි ඔක්කොම එකට ක්‍රීඩා කළා. මේ තරගාවලියේ ධනාත්මක දේවල් ගොඩක් ගන්න තිබෙනවා”, රිද්මයේ සිටින ක්‍රීඩකයින් රැසක් අතුරින් කණ්ඩායම තෝරාගැනීම ගැන Rohit අදහස් දක්වා සිටියා..

“අපි මේ දේ හිතේ තියාගෙන සිටියා, ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට ලැබුණු එක ගැන සතුටුයි. සමහර ක්‍රීඩකයින් ලැබුණු අවස්ථාව භාවිතා කළා වගේ අනෙක් ක්‍රීඩකයිනුත් තමන්ට ලැබුණු අවස්ථාව හරියටම ප්‍රයෝජනයට ගන්නවා නම් අපිට තවත් ශක්තිමත් වෙන්න පුළුවන්.”

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7