Cricket NewsEXCLUSIVELPL

විදෙස් මුදල් ආයෝජන රැසක් ඉලක්ක කරමින් “ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය” LPL 2022 තරඟාවලිය එළඹෙන ජුලි මාසයේ පැවැත්වීමේ තීරණයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රමියර් ලීගයේ තුන්වන සංස්කරණය මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය වසරේ තරඟාවලිය පැවතියේ දෙසැම්බර් මාසයේ ය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මේ වන විට උද්ගත වී ඇති තත්වයට විසඳුමක් සහ උපකාරයක් ලෙස විදෙස් මුදල් රැසක් රටට ගලා එන, ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලිය එළඹෙන ජුලි මාසයේ පැවැත්වීමට සුදානමක් තිබෙන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

කෙසේ නමුත් මීට දින කිහිපයකට ඉහතදී තරඟාවලි අධ්‍යක්ෂකවරා ඉවත් වීමෙන් අනතුරුව නව තරඟාවලි අධ්‍යක්ෂක වරයා ලෙස සමන්ත දොඩන්වෙල මහතා පත්කලේය. මීට පෙර ලබන අගෝස්තු මස පළමු වැනිදා තරඟාවලිය ආරම්භ කිරීමට නියම කර තිබූ නමුත් තරගාවලියේ ආරම්භක දිනය තවත් දින කිහිපයකින් ඉදිරියට පැමිණීමට ඉඩ ඇති බව නව තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසා තිබෙනවා,

ඒ අනුව මෙවර තරගාවලිය ලබන ජුලි මාස 26 වැනිදා ආරම්භ වීය හැකි බව ඔහු තවදුරටත් පවසන බව Sunday Times පුවත් පත වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

එමෙන්ම IPG ආයතනය සහ තරඟාවලි සංවිධායකවරුන් මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button