Cricket NewsEXCLUSIVEInternational

ලොව ධනවත්ම ක්‍රිකට් ආයතනය වන ඉන්දීය ක්‍රිකට් ආයතනය දින 5ක තරගයකට, එක් ක්‍රීඩකයෙක්ට ලක්ෂ 166ක ගෙවීමක්

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයකුට ඉන්දීය රුපියල් ලක්ෂ 45ක් ගෙවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. දින 5ක තරගයක් වෙනුවෙන් එම මුදල ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 166කි. තරග වාරයකදී තරගවලින් 75%ක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට එම මුදල පිරිනැමෙන අතර, සියයට 50 සිට සියයට 74 දක්වා ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට දින පහක ටෙස්ට් තරගයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 30ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 110ක්) හිමි වේ. මේ තරග ගාස්තු ඉන්දීය ක්‍රිකට් ආයතනය සමග ඇති මධ්‍යම ගිවිසුමට අමතරව පිරිනැමීම විශේෂත්වයකි. ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ තීරණවලට එළැඹ ඇත්තේ ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරග මාලාව 4-1ක් ලෙස ඉන්දියාව ජය ගැනීමෙන් අනතුරුවය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙම දිරි දීමනා වැඩි කිරීම සිදු කර ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍ය වර්ධනයක් සහ ස්ථාවරත්වයක් ලබා දීමේ අරමුණින් ‘ටෙස්ට් ක්‍රිකට් දිරි දීමනා යෝජනා ක්‍රමය’ ආරම්භ කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා මහතාගේ යෝජනාවක් අනුව මේ ‘ටෙස්ට් ක්‍රිකට් දිරි දීමනා ක්‍රමය’ සම්මතවී ඇති අතර, එය ක්‍රීඩක පිරිසට වෙනත් ගෙවීම්වලට අමතර ත්‍යාග ව්‍යුහයක් ලෙස සලකා ඇත. ඉන්දීය ක්‍රිකට් ආයතනය ලොව ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය වන අතර, නව යෝජනා ක්‍රමය 2022-23 වාරයේ සිට ක්‍රියාත්මක වන බැවින් ටෙස්ට් නිත්‍ය ක්‍රීඩකයින්ට හිඟ මුදල් ලබාදීමට ද පියවර ගැනේ. ඉන්දීය ක්‍රිකට් විසින් ටෙස්ට් තරගයකට ඉන්දීය රුපියල් ලක්ෂ 15ක්, එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා රුපියල් ලක්ෂ 6ක් සහ විස්සයි20 තරගයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක් දැනටමත් ගෙවීම් සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
2
+1
1
+1
3
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button