Cricket NewsEXCLUSIVEInternational

ඕස්ට්‍රේලියා පන්දු රකින්නන් නරඹන්නන් බවට පත් කරමින් හර්දික් පාණ්ඩ්‍යාගෙන් ගිනිකෙළි සැණකෙළියක් – අවසන් පන්දු 3ටම දැවැන්ත හයේ පහර එල්ල කරයි.!

ඔස්ට්‍රේලියානු විස්සයි-20 කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය මේ වන විට පන්ජාබ් හිදී පැවැත්වෙනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 208 ක දැවැන්ත ලකුණ පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පන්දු 30ක් තුළ වේගවත් ලකුණු 71ක් ලබා ගනිමින් එතෙක් ඕස්ට්‍රේලියව සතුව තිබූ තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරවීමට සමත් වුණා.

ඔහුගේ මෙම ප්‍රහාරාත්මක ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරවල් 7ක් ඇතුලත් වු අතර ප්‍රහාරාත්මක වේගය සටහන් වූයේ 236.67ක් ලෙසයි. විශේෂම සිදුවීම වුයේ ඉන්දිය ඉනිමේ අවසන් පන්දු 3ටම හර්දික් පාණ්ඩ්‍යා දැවැන්ත හයේ පහර 3ක් එල්ල කිරීමයි.

එම ප්‍රහාරාත්මක පිතිකරණය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button