Cricket NewsEXCLUSIVEInternationalMatch Review

ඉන්දීය මාධ්‍ය නිරුත්තර කරමින් ලකුණු 208ක ඉලක්කය සාර්ථකව හඹා ගිය ඔස්ට්‍රේලියාව ප්‍රභල ඉන්දියාවට එරෙහිව 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගනී.!

ඔස්ට්‍රේලියානු විස්සයි-20 කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් කඩුලු 4ක් ජයක් පහසුවෙන් වාර්තා කල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට අද සමත් වුනා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 208 ක දැවැන්ත ලකුණ පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පන්දු 30ක් තුළ වේගවත් ලකුණු 71ක් ලබා ගනිමින් එතෙක් ඕස්ට්‍රේලියව සතුව තිබූ තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරවීමට සමත් වුණා.

ඔහුගේ මෙම ප්‍රහාරාත්මක ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරවල් 7ක් ඇතුලත් වු අතර ප්‍රහාරාත්මක වේගය සටහන් වූයේ 236.67ක් ලෙසයි.

අප්ද්නු යැවීමේදී Nathan Ellis කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 209ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 211ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Cameron Green පන්දු 30ක් තුල වෙගවත් ලකුණු 61ක් රැස් කල අතර Matthew Wade වේගවත් ලකුණු 45ක් රැස් කළා.

පන්දු යැවීමේදී Axar Patel කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමගින් තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button