Cricket NewsEXCLUSIVEIPL

RCB පන්දු යවන්නන්ට එරෙහිව Phil Saltගෙන් ගිණිකෙලි සැණකෙළියක් – දැවැන්ත හයේ පහර රැසක් සමගින් Delhi Capitals ජයග්‍රහණය වෙත රැගෙන යයි.!

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 50වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 181ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore වෙනුවෙන් Virat Kohli පන්දු 46කදී ලකුණු 55ක් වාර්තා කිරීමට සමත් වුනා. Mahipal Lomror ලකුණු 54ක් රැස් කළ අතර Faf du Plessis ලකුණු 45ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mitchell Marsh කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 182ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් පන්දුවාර 16.4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 187ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Phil Salt පන්දු 45ක් තුල වෙගවත් ලකුණු 87ක් රැස් කල අතර Rilee Rossouw ලකුණු 35ක් රැස් කළා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
4
+1
2
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7