Cricket NewsEXCLUSIVEWoman Cricket

බංගලාදේශ කාන්තා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරඟාවලිය ජය ගනී – කාන්තා ලෝක ශූරතාවලියේ 5වන ස්ථානය දක්වා ඉහළට පැමිණෙයි.!

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති කාන්තා එක්දින තරගාවලිය ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුවා.

කොළඹ එස්.එස්.සී. පිටියේදී පසුගිය බ්‍රහස්පතින්දා (4 වැනිදා) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවූ ලකුණු 58 ක ජයත් සමගින් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවිය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2022-25 කාන්තා ශූරතාවලියට ඇතුළත් මෙම තරගාවලියේ පළමු තරග දෙකම වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය. එබැවින් එම තරග දෙකේම ප්‍රසාද ලකුණු දෙපිලට බෙදී ගිය අතර තුන්වැනි තරගයේ සම්පූර්ණ ප්‍රසාද ලකුණු ශ්‍රී ලංකාවට හිමිවිය.

මේ වන විට ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, තරග 9 කට පසුව, 2022-25 කාන්තා ශූරතාවලි ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානයට පැමිණ සිටී.

තරගාවලියේ මූලික කාලසටහන අනුව මැයි 2 වැනිදා පැවැති තරගය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය බැවින් එම තරගය පසුගිය 4 වැනිදා එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතන එකඟ වූ නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2022-25 කාන්තා ශූරතාවලියේ කොන්දේසි අනුව අතහැර දමන ලද තරගයක් නැවත පැවැත්වීමට අවසර නැති අතර 4 වැනිදා පැවැති තරගය තුන්වැනි එක්දින තරගය ලෙසින් සලකන ලදින්, එක්දින තරගාවලියේ ජය 1-0 ක් ලෙස ශ්‍රී ලංකා කාන්තාවන්ට හිමිවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7