Cricket NewsEXCLUSIVEIPL

තීරණාත්මක තරඟයේ අවසන් පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන්, ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් Abdul Samad දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් Sunrisers ජයග්‍රහණය තහවුරු කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 52වන තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම ට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 214ක් රැස් කිරීමට සමත් වුණා.

Rajasthan Royals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Jos Buttler පන්දු 59කදී ලකුණු 95ක් වාර්තා කිරීමට සමත් වුනා. නායක Sanju Samson වේගවත් ලකුණු 66ක් රැස් කළ අතර Yashasvi Jaiswal ලකුණු 35ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 215ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 217ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Abhishek Sharma පන්දු 34ක් තුල වෙගවත් ලකුණු 55ක් රැස් කල අතර Rahul Tripathi ලකුණු 47ක් රැස් කළා.

කෙසේ නමුත් තරඟයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාර 2ට ලකුණු 41 Sunrisers Hyderabad කණ්ඩායමට අවශ්‍ය වුනා. මෙම අවස්ථාවේ සුපිරි පිතිහරඹයක් දියත් කල Glenn Phillips 19 වන පන්දු වාරයෙන් ලකුණු 24ක් ලබා ගත් අතර Abdul Samad විසින් අවසන් පන්දුවාරයේ දී අවශ්‍ය වූ ලකුණු 17 වෙනුවට ලකුණු 19ක් ම ලබා ගත්තා.

මෙහිදී තරඟයේ අවසන් පන්දුවට Sunrisers Hyderabad කණ්ඩායමට ජයග්‍රහනය සඳහා ලකුණු 5ක් අවශ්‍ය වූ අතර Sandeep Sharma යොමු කල එම පන්දුවට Abdul Samad ලබා දුන් උඩ පන්දුවක් Jos Buttler රැක ගත් නමුත් එය නිපන්දුවක් ලෙස විනිසුරු දැනුම් දුන්නා.

අනතුරුව යොමු කල පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් Abdul Samad විසින් Sunrisers Hyderabad ජයග්‍රහණය තහවුරු කරනු ලැබුවා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
6
+1
4
+1
6
+1
5
+1
3
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7