Cricket NewsEXCLUSIVELPL

තීරණාත්මක අවසන් වටයේ දී චාමික කරුණාරත්න සහ කුසල් ජනිත් අතර උණුසුම් තත්වයක් හට ගනී.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය දා අවසන් වූ අතර තරඟාවලියේ අවසන් වටයේ තරඟ අදින් ආරම්භ වූවා.

තරගාවලිය පුරාවට දෙස් විදෙස් සියලු ක්‍රිඩකයන්ගේ විශිෂ්ට පිතිකරණය, විශීෂ්ඨ පන්දු යැවීම් මෙන්ම සුවිශේෂී පන්දු රැකීම් ද දැක බලා ගැනීමේ අවස්ථාව මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදා වුනා

ඇතැම් අවස්ථාවලදී ක්‍රීඩකයින් ක්‍රීඩකයින් අතර යම් උණුසුම් වචන හුවමාරු ද දැක ගත හැකි වීම මෙවර තරඟාවලිය උණුසුම් කිරීමටද සමත් වුනා.

මිට පෙර ,Colombo Stars සහ Jaffna Kings අතර තරඟායේදී Naveen Ul Hq හා තිසර පෙරේරා අතරත් හා Naveen Ul Hq සහ චාමික කරුණාරත්න අතරත් චාමික සහ කුසල් මෙන්ඩිස් අතරත් මීට පෙර එවැනි උණුසුම් වචන හුවමාරු සිදු වූ බව ප්‍රෙක්ශක ඔබට මතක ඇති.

මේ අතර අද දිනියේදි එලෙස උණුසුම් වචන හුවමාරුවක් සිදු වූවේ Dambulla Giants කණ්ඩායමේ චාමික කරුණාරත්න සහ Colombo Stars හි කුසල් ජනිත් පෙරේරා අතරයි.

තරඟාවලියේ අවසන් වටය ආරම්භ කරමින් Dambulla Giants කණ්ඩායම සහ Colombo Stars කණ්ඩායම සටන්වදින තීරණාත්මක Eliminater තරඟය මේ වන විට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් විසින් යොමු කරන ලද දෙවන පන්දුවාරයේ තෙවන පන්දුවේදී කුසල් ජනිත් පෙරේරා විසින් චාමික කරුණාරත්න ගේ දෑතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියා.

චාමික කරුණාරත්න එම දවාගැනීම සැමරූ ආකාරය පිළිබඳව මෙහිදී කුසල් ජනිත් ප්‍රශ්න කර සිටි ආකාරය ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට හැකි වුණා.

එම වීඩියෝ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7