Cricket NewsEXCLUSIVE

හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අදින් සමුගනියි – ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර මිකී ශ්‍රී ලාංකිකයන් ගැන තැපූ හැඟුම්බර සටහන.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය දා අවසන් වූ අතර තරඟාවලියේ අවසන් වටයේ තරඟ අදින් ආරම්භ වීමට නියමිතය.

මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අවසාන දිනය අද බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම අසීරු අඩියක සිටියදී භාර ගත් ඔහු අද ශ්‍රී ලංකාවෙන් නික්ම යන්නේ ලොව 20-20 හොදම පන්දු යවන්නා මෙන්ම නව අති දක්ෂ තරුණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට දායාද කරමින් බවනම් නොරහසක්.

මිකී ආතර් මහතා ප්‍රධාන පුහුණුකාරීත්වය දැරූ අවසන් තරඟය වූ කොදෙව් දේශය සමග පැවති ටෙස්ට් තරඟයේදි ඔහු තමන්ව අගයන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් අතරට ගොස් කතා බස් කිරීමටද අමතක නොකළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන්ද මිකී ආතර් මහතාට උණුසුම් පිළිගැනීමක් හිමි වුයේ ඔහු කල සේවාව පිළිබඳව හොඳින්ම දන්නා නිසාය.

අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර ට්විටර් සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ විශේෂ සටහනක් එක් කරමින් මිකී ආතර් මහතා ප්‍රකාශ කර තිබුණේ “මම ශ්‍රී ලංකාවේ සිටින අවසාන දිනය අදයි. මම නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා එම අපූරු දෙවසර සම්බන්ධයෙන්” යනුවෙනි.

එම Twitter සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7