Cricket NewsEXCLUSIVELPLMatch Review

LPL නව සොයා ගැනීම, ජනිත් ලියනගේගේ ඉවසිලිවන්ත ප්‍රහාරය හමුවේ Colombo Stars ඉවතට විසි කරමින් දඹුල්ල ඇතුලට.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට කෙමෙන් කෙමෙන් අවසානය කරා ළඟා වී තිබෙන අතර අද තරඟාවලියේ Eliminator තරඟය Colombo Stars සහ Dambulla Giants අතර පැවැත්වුනා.

එම තරඟය කඩුලු 6කින් ජයග්‍රහණය කරමින් තවදුරටත් තරගාවලිය රැඳී සිටීමට දඹුල්ල කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වූවා.

මීට පෙර පැවති තරගයකදී ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් Dambulla Giants කණ්ඩායමේ නායක දසුන් ශානක අද ක්‍රීඩා නොකළ අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හටයි.

අද තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Colombo Stars නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි Colombo Stars පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 145 ක් රැස් කිරීමට සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 34ක් තුළ ලකුණු 50ක් රැස් කිරීමට සමත් වූ අතර පැතුම් නිස්සංක පන්දු 39ක් තුළින් ලකුණු 42 ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ නුවන් ප්‍රදීප් සහ ඉම්රාන් තාහිර් කඩුළු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 146 ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දඹුල්ල පිතිකරුවන් පන්දුවාර 18.5ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

පන්දුවට පහර දීමේදි LPL විසින් ලොවට දායාද කරන අලුත්ම තරුව ජනිත් ලියනගේ සිය පිත්ත ඉවසිලිවන්තව මෙහෙයවමින් Dambulla කණ්ඩායමේ ජයග්‍රහණයට මග පෑදු අතර ඔහු ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුනා.

Najibullah Zadran ලකුණු 34ක් සහ Phil Salt ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදි දුෂ්මන්ත චමීර, සීක්කුගේ ප්‍රසන්න, නවීන් සහ ජෙෆ්රි වැන්ඩසේ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව තවදුරටත් තරගාවලිය රැඳී සිටීමේ අවස්ථාව Dambulla Giants කණ්ඩායමට හිමි වූ අතර අද රාත්‍රියේ Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පරාජය වන කණ්ඩායම Dambulla Giants හා තරඟ කර ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7