Cricket NewsEXCLUSIVE

“කප් එක දිනන්නම ආව ඕසි ප්ලෙයර්ස්ලව ෆුල් හොල්මන් කරපු ලංකාවේ පොඩි කොල්ලා” – ක්‍රිකට් රසිකයකු ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් ගැන තැබූ සටහන.!

මාරම ටැලන්ට් එකක් මේක නම්

ඕස්ට්‍රේලියාව වගේ ටීම් එකකට ගහනවා කියන්නේ ඉතිං ඒක වෙනමම සතුටක්…

මොකද ඉතිං අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ඕසි වගේ රටක ක්‍රිකට් තියෙන ලෙවල් එක ?

දුනිත් වෙල්ලාලගේ !

මේ මනුස්සයා කොහෙන්ද ආවේ…??? ඕසි ප්ලෙයර්ස්ලා ෆුල් හොල්මන්..
ගැලවෙන්න දෙන්නෙම නැ….

පන්දු යැවීමෙන් ලකුණු 28කට විකට්ස් 5ක් අරන් කැන්ගරු ඉනිම විනාශ කරනවා.

එතැනින් ඉවර වෙන්නෙත් නැ…

විටෙක ලකුණු 49ට කඩුලු හතරක් බිද වැටුනු වෙලාවක අන්ජල සහ රනුල සමග එක් වෙමින් සුපිරි අර්ධ ශතකයක් රැස් කරලා තමන්ගේ ටීම් එක ජයග්‍රහණය කරවලා දෙනවා.

වෙල්ලාලගේ පිතිකරුවෙක් විදිහටත් පන්දු 71කට ලකුණු 52ක් රැස් කරනවා.
හතරේ පහරවල් හතරයි. හයේ පහරවල් දෙකයි.

නායකයෙක් වගේම පන්දු යවන්නෙක් විදිහටත් කන්සිස්ටන් කරගෙන තියෙන තමන්ගේ දක්ෂතා පිතිකරුවෙක් විදිහටත් කන්සිස්ටන් කර ගත්තොත් ජාතික කන්ඩායමේ දොර වැඩි ඈතක් නෑ…!!!

ඒ අනුව අපේ කොල්ලෝ සහභාගි වුන තරග දෙකම දින්නා. මීලඟට තියෙන කොදෙව් තරගය දින්නොත් කෙලින්ම අපිට අර්ධ අවසන් වටයට යනවා.

දැනටමත් අපේ ගෘප් එකේ උඩින්ම ඉන්නේ අපි….

ඔහොම යං…!!!

Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button