Cricket NewsEXCLUSIVEUnder-19

නායක දුනිත් වෙල්ලාලගේගේ සුපිරි තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ප්‍රභල ඕස්ට්‍රේලියාව පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අපරාජිතව ඉදිරියට.!

19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ 9 වන තරඟය ලෙසින් Group D කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 175ක් පමණයි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Campbell Kellaway ලකුණු 54 ක් රැස් කිරීමට සමත් වුණා.

William Salzmann ලකුණු 22ක් රැස් කළ අතර Nivethan Radhakrishnan ලකුණු 21ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 5ක් දවා ගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරණ බලඇණිය සුනු විසුනු කිරීමට සමත්වුණා.

දුනිත්ට අනගි සහයක් ලබා දුන් ප්‍රවීන් මැතිව් සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 176 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් ලකුණු 52ක් රැස් කිරීමට සමත් වු අතර දුනිත්ගේ.ඉවසිලිවන්ත ඉණිමට හතරේ පහර 4ක් සහ දැවැන්ත හයේ පහරක් ඇතුළත් වුණා.

ඊට අනගි සහයක් ලබා දුන් අංජල බණ්ඩාර ලකුණු 33 ක් සහ රන්දුල සෝමරත්න නොදැවී ලකුණු 32ක් රැස්කිරීමට සමත්වුණා.

ලකුණු 49 කට කඩුලූ 4ක් බිඳ වැටී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අසීරු තත්වයක පසු වූ අවස්ථාවේ නායක දුනිත් වෙල්ලාලගේ හා එක් වු එක්කෝ අංජල බණ්ඩාර ලකුණු 70 ක සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් වු අතර ජයග්‍රහණය සඳහා ලකුණු 6ක් පමණක් පිටුපසින් සිටි අවස්ථාවේ දුනිත් වෙල්ලාලගේ ලකුණු 52 කට දැවී ගියා.

අනතුරුව පිටියට පිවිසි රවින් සිල්වා ජයග්‍රාහී හතරේ පහරකින් තරඟය අවසන් කරනු ලැබුවා.

පන්දු යැවීමේදී Tom Whitney සහ Joshua Garner විසින් කඩුලු 2බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම අද ලැබූ ජයග්‍රහණයත් සමඟ මෙවර ලෝක කුසලානයේ Group D කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ හට හිමි වුණා.

මෙවර ලෝක කුසලානයේ Group D කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button