Cricket NewsEXCLUSIVE

“හර්දික් පාණ්ඩ්‍යාගේ පිතිකරණ විලාසය මාව දිරිමත් කළා” – ශ්‍රී ලංකා ක්‍රිකට් මේජර් ලීග් අවසන් මහා තරගයේ වීරයා වූ CCC තුරුම්පුව චමිඳු විජේසිංහ කියයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් මේජර් ලීග් අවසන් මහා තරගයේ වීරයා වන චමිඳු විජේසිංහ පවසන්නේ ඉන්දියාවේ හර්දික් පාණ්ඩ්‍යා තම පිතිකරණයට බෙහෙවින් බලපෑ එක් පිතිකරුවෙකු බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 22 හැවිරිදි මද වේග පන්දු යවන, දකුණතින් පිත්ත හසුරුවන තුන් ඉරියව් ක්‍රීඩකයා මෙලෙස අදහස් දක්වා සිටියා.

ටැමිල් යූනියන් පිලට එරෙහිව අවසන් මහා තරගයේ දී කඩුලු 5කට ලකුණු 288ක් බිඳ වැටී තිබියදී පන්දු 246කදී ලකුණු 139ක් රැස්කරමින් අවසන් මහා තරඟයේ වීරයා බවට පත් වූ චමිඳු විජේසිංහ “මම ගොඩක් කැමතියි මහේල ජයවර්ධනගේ පිතිකරණ දස්කම්වලට, ඉන්දියාවේ හර්දික් පාණ්ඩ්‍යාගේ පිතිකරණ විලාසය මගේ පිතිකරණයට ආදර්ශමත්ව බලපෑවා.”

2022 ශ්‍රී ලංකා ක්‍රිකට් මේජර් ලීග් තරගාවලියේ පසුගිය ඉරිදා පැවති අවසන් මහා තරගයේදී ඔහුගේ තීරණාත්මක ඉනිම සම්බන්ධයෙන් චමිඳු පැවසුවේ, “කණ්ඩායම කඩුලු 5කට ලකුණු 288ක් ලබාගෙන අංක 7 ස්ථානයට පැමිණීම ලකුණු 270ක් පසුපසින් සිටීම විශාල පීඩනයක්. නමුත් මගේ කණ්ඩායම අයහපත් තත්ත්වයෙන් ජයග්‍රහණය කරා ඔසවා තැබීමේ මගේ අධිෂ්ඨානය ජය ගත්තේ මම නායක අශාන් ප්‍රියන්ජන් සමඟ ඒ සඳහා ගිය නිසයි. ඒ නිසා අපි දෙදෙනාම ශතක ලබා ගනිමින් එම කාර්යය ඉටුකරමින් වාර්තාගත හයවැනි කඩුල්ලට ලකුණු 219ක සබඳතාවයක් ගොඩනැගුවා.”

නාලන්දා විද්‍යාලයේ තවත් විශිෂ්ට නිමයුමක් වන මෙම යොවුන් දක්ෂයා තවදුරටත් විස්තර කළේ “මම අතීතය අමතක කරලා තරගයෙන් තරගයට යනවා, එය තීරණාත්මක බව අද ඔප්පු වෙලා. හොඳ හෝ නරක එය මම එතැනින්ම අවසන් කරනවා. මම ඊළඟට පිටියට පිවිසෙන විට තවදුරටත් මා පිඩනයට පත් කිරීමට එයට මා ඉඩ දෙන්නෙ නෑ. ”

සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙන්ම ඔහුගේ ද ලොකුම ක්‍රිකට් සිහිනය වන්නේ තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි. මෙම තරග වාරයේ දී චමිඳු ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 677ක් ලබා ගත්තේ කඩුලු 15ක් ලබා ගනිමින් ලකුණු 67ක සාමාන්‍යයක් ලබා ගනිමිනි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button