Cricket NewsEXCLUSIVE

ක්‍රිඩා ඇමති නාමල් සහ භානුක රාජපක්ෂ අතර විශේෂ සාකජ්ජාවක් – ක්‍රිකට් රසිකයන්ට සුභ පණිවිඩයක් අත ළඟ.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට කටයුතු කළා.

කෙසේ නමුත් මෙම තීරණය පිළිගැනීමට අකමැති වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් #Dontretirebhanuka නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර සිටියේ භානුකව නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වන ලෙසයි.

ඒ අනුව මේ දිනවල සමාජ මාධ්‍යයන්ගේ ලැව් ගින්නක් මෙන් ව්‍යාප්ත වන ප්‍රධානතම පුවත බවට භානුක රාජපක්ෂගේ විශ්‍රාම යෑම පත් වී තිබෙනවා.

මේ අතර අද උදෑසන දී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් භානුක රාජපක්ෂව මුණගැසී මෙම ගැටලුව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

පසුගිය දිනෙක භානුක රාජපක්ෂගේ සමුගැනීමේ ප්‍රකාශය පිළිබඳව නැවත සලකා බලන ලෙසත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ක්‍රීඩා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ද ඉල්ලා සිටියා.

අද උදෑසන ක්‍රිඩා අමාත්‍ය වරයා සහ භානුක රාජපක්ෂ මුණගැසුනු අවස්තාවේ ගනු ලැබු ජායාරූපයක් පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7