EXCLUSIVETrending Article

“ආයෙත් අපේ ක්‍රිකට් ගොඩ දාලා දෙන්න, පුලුවන්නම් බැට් එක අතට අරගන්න” – ක්‍රිකට් රසිකයකුගෙන් භානුකට කවියක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට කටයුතු කළා.

කෙසේ නමුත් මෙම තීරණය පිළිගැනීමට අකමැති වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් #Dontretirebhanuka නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර සිටියේ භානුකව නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වන ලෙසයි.

ඒ අනුව මේ දිනවල සමාජ මාධ්‍යයන්ගේ ලැව් ගින්නක් මෙන් ව්‍යාප්ත වන ප්‍රධානතම පුවත බවට භානුක රාජපක්ෂගේ විශ්‍රාම යෑම පත් වී තිබෙනවා.

මේ අතර භානුක රාජපක්ෂගේ විශ්‍රාම ගැනීම නැවත සලකා බලන ලෙස ක්‍රිකට් රසිකයකු ඉතා අපුරු කවියකින් ඉල්ලා තිබු ආකාරය අපේ නෙත ගැටුනා.

Samadhi Dissanayaka විසින් රචනා කරන ලද එම කවි සටහන පහතින්,

පිටියට ඇවිත් තුන් වසරක් තාම නැතී
ඔච්චර ඉක්මනට වැටුනද උබට හතී
මිලියන විසි දෙකක් උබ ගැන කතා වෙතී
දැක දැක අනේ උබ විතරක් කතා නැතී

වැටි වැටී ආයෙ ආයෙම හිස උස්සද්දී
බැන බැන උනත් උබ එක්කම අපි ඉද්දී
පැරදීගෙන එන පිටියට උබ එද්දී
කදුලුත් ආව බැට් එක උබෙ දිස් වෙද්දී

පිට පිට හයේ ශොට් එක දෙක වදිනකොට
භානුක ගැම්මෙන් පිටියේ දුවනකොට
සෙට් එක එකතුවී රට ගොඩ දානකොට
දහසක් ක්‍රිකට් පිස්සන් මැව්වා සතුට

යන්තම් හෙමින් නම ගොඩ ආවා විතරයි
කාටත් හොරෙන් භානුක යන්නට දගලයි
මොන මොන හේතු තිබ්බත් දැන් අවසානයී
ඇත්තේ අපිට තව එක පොඩි ඉල්ලීමයී

පව්ලට වගේමයි අපිටත් උබ ඕන
අවෘදු පහක් තව හිටියොත් ඇති ඔන්න
ආයෙත් අපේ ක්‍රිකට් ගොඩ දාලා දෙන්න
පුලුවන්නම් බැට් එක අතට අරගන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

2 Comments

  1. රචකයා මම වෙමි 😢 නිකෝෂ් නිම්නද නෙවෙයි හත්වලාමේ ඕක මගේ 😓😓😓

    1. ඔහ්, එහෙමද? මට ෆේස්බුක් එකවුන්ට් එකේ ලින්ක් එක දෙන්න පුලුවන්ද Link කරන්න.. Sorry හිතලා කරපු දෙයක් නෙමෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7